හුදකලාව කලාවක් වෙන තැන

හුදකලාව කලාවක් වෙන තැන

Friday 12 December 2014

ආදරය


ආදරය සුන්දර වරදකි..  
කිසිදා සමාවක්නම් නැති..
මට පෙන්නලා ආලේ හැටි..
නුබ දුන්නු දුක හොදටම ඇති...


ඕක අපි හැමෝම අහලා තියෙන සින්දුවක්නේ.එත් හිතන්න ආදරේ කියන්නේ සුන්දර වරදක්නම් ඇයි මේ විදින දුක හොදටම ඇති කියලා කියන්නේ.වචනයේ පරිසමාත අරතයෙන්ම ආදරය වරදක් තමයි,එත් එක සුන්දර වරදක් ගොඩක් බැරෑරුම් අසුන්දර වරදක්ද කියලා අපිට දෙපාරක් නෙමේ තුන් හතරවතාවක්ම හිතන්න වෙනවා.

Sunday 24 August 2014

හිත තහනම්

එකෝමත් එක දවසක මගේ ආදර කතාව කෙළවරක් වෙච්ච තේරුමක් නැති හවසක මම ජිවිතේ ආපස්සට පියවර තියන්න පටන් ගත්තා.හැමදාම උබත් එක්කම අනන්තවත් පෙම් කතා කියනවා අහන හිටපු මේ ගස් ගල් පවා මගේ ආදරේට ආදරේ කළා,උබට ආදරේ කළා..එත් කෙළවරක් උනු මගේ ආදර කතාව ලග මට දැනුනේ ඒ ලන්ගතු වෙච්ච ගස් ගල් පවා මට දැන් හිනාවෙන්නේ ඔච්චමට කියලා,මට දැනුනා මුළු ලෝකෙම මට සමච්චලේට හිනාවුනා.ඒ උබ නිර්මලයි,පුජනියයි,උත්තරීතරයි කියලා මම කෑ ගහලා කිවුව වරදට. ගස් ගලුත් සාදාරනයි,එත් උබ අසාදාරණයි...

මගේ හිත අරගෙන ගියේ උබ විතරමයි,කාටවත් පුදන්න ලොබ කමේ මම රැකගත්ත මගේ

Sunday 20 July 2014

සෙනෙහසේ විප්ලවය (හන්තාන පාමුල)



ඒ 80 දශකයයි.ලක් මව පුරා බිෂණය රජකළ යුගයයි,සහෝදරත්වයේ නාමයෙන්,විප්ලවයේ නාමයෙන් දහස් ගණනකගේ ජිවිත් අකාලයේම මිලිනව ගිය යුගයයි.මහපාර දිගට ටයර් කදු අළු වේවි අගුරු වෙන තාරුණ්‍ය කලුපාට කල අතීතය සම්පුර්නයෙන්ම තිරිසන්ය.මෙහෙමයි කිව නොහැකි තරමටම කළු පැල්ලමක් ඉතිහාසයේ සටහන් කල විපලවයේ  යට ගිය කතාවක් හන්තාන පාමුලදී අකුරු කරන්න මට හිත හැමවෙලේම කිවුවා.

නයනි කියන්නේ හන්තාන හෙවනෙම නුවර පහස ලබන පුංචි ගමක හැදුනු තරුණියක්.තාරුන්යේ මහා ආවේගය තිබුනා මේ ගෑනු හිතටත්.පන්ති හතේ සුවද විදපු නයනි පුංචි කාලෙකින්ම විප්ලවයේ

Saturday 19 July 2014

සුරංගනාවී

මිට අවුරුදු 3කට 4කට  කට කලින් මටම වෙච්ච එක්තරා සිද්දියක් මම හන්තාන පාමුලදී අද අකුරුකරනවා.මුලින්ම කියන්න ඕනි මේක ආදර කතාවක්වත් කෙල්ලෝ කොල්ලෝ බුට් කන බුට් තියන කතාවක්වත් නෙමේ.මේක මට තාම තේරුම්ගන්න බැරිඋන මගේ ජීවතේ එක කතාවක්..

මිට කාලෙකට කලින් මම නුවර රිවිෂන් ක්ලාස් යනවා කොමස් වලට.මට මගේම කියලා ආවේනික විලාසිතාවක් තිබා.. සුදු කැන්වස් දෙක දාලා තද පාට අත්දිග ෂර්ට් එකක ඇත නමලා ඩෙනිම ඇදලා ෂර්ට් එකේ බොත්තමක් ගලවලා කොන්ඩේටිකක් උස්සලා තමා මම හැමදාම ක්ලාස් ගියේ.ඒ අස්සේ හැමවෙලේම කරේ එල්ලෙන සුදු යකඩ මාලේ මට රස්තියාදුකාර පෙනුමක් ගෙනාවා.

Wednesday 25 June 2014



පුර සඳ ආයෙමත් පායාපන්,මේ දිවි ගමනට පෙර වාගේ....

මගේ සහෝදර බුද්දික “අම්බුළුවාව පාමුල” අකුරු කරද්දී මම සයිබරයේ තවත් තැනක “හන්තාන පාමුල” අකුරු කරනවා. දවසක් බුද්දික අතින් ලියවෙන එක කතාවක ප්‍රදාන චරිතය වෙන්නේ මගෙත් එක්ක එකටම සාන්ත තොමසුවේ සිප් දිය බිවුව මගේම යාලුවෙක්,ඒ අහිංසකයාගේ ශරීරය යකඩ යකා ඉස්සරහාදී දෙකඩ වෙලා වැටිලා ආදරේ ගලාගෙන ගිය හැටි බුද්දික ලස්සනට අකුරුකරනවා “අම්බුළුවාව පාමුල”දී.. ගොඩාක් දෙනෙක් නොදැන හිටිය කතාවක්,අහින්සකයෙක්ට මොඩයා කිවුව සමාජයක් යාන්තමින් හරි වෙනස්කලාට මම මුලින්ම බුද්දීකට මේ ආචාරය පුදනවා,එක ආචාරයක් විතරක් නෙමේ  උත්තමාචාරයක්..


කතාවට ආරම්බයක් දෙනවා මෙහෙම.
2011 ජනවාරි 4 වෙනිදා නිවාඩු පිට හිටපු හමුදා නිලදාරියෙකුට පේරාදෙණියේදී තරුනුනයන් පිරිසක් පහර දෙනවා.මේක හුගදෙනෙක් දැක්කත් එක එච්චර ලොකු පහරදීමක් නොවෙන නිසා මිනිස්සු එතරම් තකන්නේ නෑ.එත් මේ කතාවත් අනිත් රණ්ඩු වල නිදන් කතාව වගේම වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම ගවුම් කැලකට ගහගනිල්ලක්.හැබැයි එක වලංගු ගහපු මිනිස්සුන්ට මිසක් ගුටිකාපු අහිංසකයට නෙමේ.ඔහුගේ කතාව වෙනම එකක්.

Friday 25 April 2014

"ඇනිමේෂන් කලාව" දෙවන කොටස..

මන් කලින් පොස්ට් එකකින් පෙන්නුවා මම අන්තර්ජාලයේ සැරිසරද්දී මට දකින්න ලැබුණු ලස්සනම ඇනිමේෂන් පින්තුර ටිකක්..  මේ ඒ ටිකේ ඉතිරි සෙට් එක.. එල එකක් වෙන්න ඒ ටිකත් දාන්නම් බලලා කොහොමද කියන්න..

මුලටික මෙතනින් බලන්න

"ඇනිමේෂන් කලාව" (ඔබ නැරබිය යුතුමයි)

animation picture කිවුවාම කට්ටියට මතක්වෙන්නේ ඉතින් ඊතලයක් හදවතක් සිදුරු කරන එකකුත් එහෙමත් නැත්නම් මොකෙක් හරි සතෙක් මොකක් හරි විකාරයක් කරන එකක්,නැත්නම් ඉංගිරිසි අකුරු ටිකක් මොකක් හරි රිදම් එකකට චලනය වෙන එකක්නේ..
නෑ ඇනිමේෂන් කලාව කියන්නේ ඊට වඩා හුගක් ගැබුරු දෙයක්..
මන අද මේ ඇනිමේෂන් කලාවෙන් හැඩවුනු හිතට අල්ලන විදියේ පින්තුර ටිකක් පෙන්වන්නම්,පොඩ්ඩක් බලලා කියන්න කොහොමද කියලා.. මම මේක සයිබරයෙන් උපුටාගත්ත එකක්... හිතුනා මේක මගේ බ්ලොග් එක බලන අයටත් පෙන්නන්නම ඕනි කියලා..
සමහරවිට දැකලා ඇති,එත් බහුතරයක් දෙනා දැකලා නෑ කියල මට විශ්වාසයි මේ pictures ටි‍ක..