
මගේ හිත අරගෙන ගියේ උබ විතරමයි,කාටවත් පුදන්න ලොබ
කමේ මම රැකගත්ත මගේ
හින උබේ කරගත්තේ බලේන්මයි.එහෙම හිටිය උබ මගේ හිත කාසිවලට උගස්
කරලා මග හීන නුවර වැවට විසිකරලා මගේ ලෝකෙන් යන්නම ගියෙත් නොකියමයි.නුවර වැවත්
සාදාරනයි.. එත් උබ අසාදාරණයි..
අතේ සතයක්වත් නැතිව හිතේ ගින්න පත්තු වෙච්ච
දුප්පත් කෙල්ලෙක් ලග තියෙන ලෙන්ගතුකම මන් උබෙන් හෙවුවා,උබේ හැම කඳුලකටම මන් මගේ
කඳුලක් එකතුකලා,උබේ හැම හිනාවකටම මන් මගේ දහදිය කවලම්කලා.උබේ හැම පැතුමකටම මන්
අනාගතයක් ගොඩනගන්න උත්සහා කළා,ඒ කිසිම කැපකිරිමක්ට මම එක රුපියලක්වත් උබෙන්
ඉල්ලුවේ නෑ,එත් උබ මගේ ආදරේ රුපියල් සත ලග අසරණ කලා.. ඒ රුපියලත් සාදාරනයි.. එත්
උබ අසදාරණයි...
බෝතලේට යටකරපු මගේ අතීතේ මන් උබේ එක වචනෙකින්
පංචශීලයේ පිහිටුවැවුවා.ඉබාගාතේ ගිය මගේ හිත මන් උබේ එකම එක බැල්මකින් උපාසකයෙක්
කළා.. එකයි ආදරේ දැනෙනවා කියන්නේ.එහෙම කරපු මගේ ලෝකෙට උබ මහ ගින්දරක් එකතුකරලා යන්න
ගියා.මගේ හිත පිච්චි පිච්චි අඩන වෙලාවේ උබ වෙන හිතක් ලග එකම එක වචනයකින් මාව
කුඩුකාරෙයෙක්,කාලකන්නියෙක් කළා.. කූඩුකාරයොත් සාදාරනයි,අහිංසක මගේ ආදරේ,නොකරපු
වැරදිවලට වැරැදිකාරයෙක් කරපු උබ අසාදරනයි..
මන් මගේ ගමන යනවා,ඒ පාරේම ආපු උබ දැන් වෙනම ගමනක්
යනවා.මම යන පාර උබ යනපාරට හුගාක් දුරයි එත් මම ඉන්නේ පෙනමානේ,මම යන පාර උබ යන පාරට
වඩා ගොඩක් රළුයි,එත් මම ඉන්නේ උබ මාව දකින
මානේ,මන් ගිහින් හැමදාම ආපස්ස බලනකොට උබ අර හිටපු තැන ඉදලා කඳුළු ගනන්කරනවා,උබ
එහෙම දුක් විදිනකොට විතරක් මට හිතෙනවා,මාව දාලා ගිය උබත් සාදාරනයි,එත් උබට යන්න
දුන්නු මම අසාදාරණයි..
හ්ම්ම්ම්
ReplyDeleteමේ ලොකේ අපිට විතරක් අසාදාරණයි යාලූ.
ReplyDeleteඔව් ඇත්ත,පොදුවේ කියනවනම් අපි,පුද්ගලිකවම කියනවනම්,ඇත්තටම එත් අපිමයි.
Delete