හුදකලාව කලාවක් වෙන තැන

හුදකලාව කලාවක් වෙන තැන

Friday 12 December 2014

ආදරය


ආදරය සුන්දර වරදකි..  
කිසිදා සමාවක්නම් නැති..
මට පෙන්නලා ආලේ හැටි..
නුබ දුන්නු දුක හොදටම ඇති...


ඕක අපි හැමෝම අහලා තියෙන සින්දුවක්නේ.එත් හිතන්න ආදරේ කියන්නේ සුන්දර වරදක්නම් ඇයි මේ විදින දුක හොදටම ඇති කියලා කියන්නේ.වචනයේ පරිසමාත අරතයෙන්ම ආදරය වරදක් තමයි,එත් එක සුන්දර වරදක් ගොඩක් බැරෑරුම් අසුන්දර වරදක්ද කියලා අපිට දෙපාරක් නෙමේ තුන් හතරවතාවක්ම හිතන්න වෙනවා.

එක්තරා සම්මන්ත්රරණයකදී මන් මෙන්න මෙහෙම අහලා තියෙනවා දේශකයෙක් කියනවා..

ආදරය හිල්වුණු වලදකී..
කිසිදා පිරිමක්නම් නැති..
මට පෙන්නලා වැළදේ හැටි..
උබ ගාව දැලි හොදටම ඇති..

ඇත්තටම ආදරය කියන එකට අර්ථයක් නිර්වචනයක් දෙන්න ආදරෙකරන අයවත් දන්නවා ඇති කියලා හිතන්න අමාරුයි,හිතන්න,ආදරේ ඇතිවෙන්නේ කොහොමද? දක්කගමන්ද?ඇසුර කරද්දීද,එහෙමත්නත්නම් කිසිම හේතුවක් නැතිවද?ඔය මොකක්හරි හේතුවක් උඩ ආදරේ ඇතිවෙන්න පුළුවන් කෙනෙක්ට තවකෙනෙක් ගැන,එත් අනිත් කෙනා තුල ආදරේ ඇතිවෙන්නේ කොහොමද?මුලින්ම කෙනෙක් යෝජනාකරන නිසාද? එක්කෙනෙක් තමන් කැමති කෙනාගේ ආදරය ලබද්දී ආදරේ දෙන කෙනා දෙන්නේ තමන් කැමති කෙනාටමද?බොහෝවිට කෙල්ලෙක්ගෙන් අහන කොල්ලට කැමැත්ත දෙනවා විනා කෙල්ල අහන්නේ නෑ..ඉතින් මෙතන සිද්දවෙලා තියෙන්නේ ආදරයක්ද ගනුදෙනුවක්ද,හිතන්නවෙනවමයි අපිට.
මේ සියවසේ ආරම්බයත් එක්කම වගේ ආදරය කියන සංකල්පයට “rooms” එකතුවෙලා.හදවතේ ඇතිවන උත්තරීතර හැගීම ටියුෂන් යන කොල්ලෝ කෙල්ලගේ ඉදලා අනියම් සම්බන්දතා තියාගන්න වැඩිහිටියන් පවා රුපියල් පන්හයසියට පැයට ගන්න බිත්තිහතරක් මැද්දෙදි ලිංගික ආශ්වාදෙකට කොටුකරලා.එහෙම ඉන්න ගොඩක් සමහරු අන්තිමේදී වෙන්වෙන්නේ මොකුත් නොවුනගානට.එකද ආදරේ?
වැලන්ටයින් එකට චොකලට් එකක් දීලා උපන්දිනෙක්ට පාර්ටියක් දෙන එක නෙමේ ආදරේ යුතුකම කියන්නේ,එක හදවතින්ම එන්න ඕනි දෙයක්.
ආදරේ කරන්න කලින් අවබෝදයක් තියෙන්න ඕනි,එහෙම අවබෝදයක් නැතිව ආදරේ කරන්න පටන්ගත්තාම ටික කාලෙකින් ඒ ආදරේ වටිනාකමක් නැතිවෙනවා,ඊට පස්සේ එකිනෙකා වෙන්වෙන්නේ හිතක් පපුවක් නැති ආදරේ කරපු නැති ගානට..

සන්දලුතලේ හිද පෙරමග බලනා මානවිකාවිය ඔබටකියන වගනම්..
ඔබ ගෙනයන්නට සහපිරිවර හා මා එන්නේ නැත රන්දොලාවේනම්..

ඔය සින්දුවේම මෙහෙම කොටසකුත් තියෙනවා..

ඇත්හල් අස්හල් සිවුරග සේනා.. දැසිදස් පිරිවර සහා රන්දොලා..
පැතුබවක් ඔබ මා සිතුවේ නැත.. සෙනේහයේ මුල් අකුරු කියුදින..
අජිරවති ගන් තිරේදී..

එහෙම වෙන්න බෑ.ආදරේ කරනවානම් පතන දෙ හිතනදේ දැනගෙන ඉන්න ඕනි,නොදැන ඉදලා පස්සේ රන්දොලාවෙන් එන්න බෑ කිවුවට හරියන්නේ නෑ,එතැනදී වැරදි ඉසුරු පතපු කෙනා නෙමේ එයා ඉසුරු පැතුවා කියලා නොදන්නා අනිත් කෙනා,ආදරේ කරනවානම් තමන් ආදරෙකරන කෙනා ගැන නවකතාවක් කියන්න තරම් දැනගෙන ඉන්න ඔනි.එකයි අවබෝදය කියන්නේ.

නවදැලි හේනක පෑව වැදිර රුව..
දැක උවමින් දෙනුවන් රවටා..
මා පෙම්කල ජනපදකල්යානිට හිමියනි මට කල නොහැක නිගා...

 සෝමතිලක ජයමහා කියන සීන්දුවක්,ගොඩක් ඇය අහලා ඇති.. මෙන්න ආදරේ කරන මිනිස්සු,නන්දකුමාරයා මහණවෙලත් ජනපදකල්යානිය පෙම් කරන සිද්දියක් නිසා බුදුන් වහන්සේ ඒ අනවබෝදය දුරුකරන සිද්දිය වටා ගෙතුන කතන්දරක් නිසයි මේ ගීතය නිර්මානයවෙලා තියෙන්නේ,නමුත් මේ ගීතයෙන් කියවෙන විදියට පිච්චුන වැදිරියක් පෙන්නලා දිව්යාංනගනාවෝ පෙන්නුවත් මේ පෙම්වතානම් පෙම්වතිගේ සුන්දරත්වය දෙවනිකරන්නේ නෑ,මන් කියන්නේ ලාස්සනට ආදරේ කරන්න කියලා නෙමේ,එහෙමත්නමත්නම් ලස්සනම කෙල්ලට ආදරේ කරන්න කියලත් නෙමේ,මන් කියන්නේ තමන් ආදරෙකරන කෙනා මේ ලෝකේ ඉන ලස්සනම කෙනාව කරගන්න,ඊට වඩා ලස්සන කෙනෙක් නෑ කියල හිතන්න,හිතන්නත් නෙමේ අවංකවම ආදරේ කරනකොට දැනෙනවා,”මගේ කෙල්ලට වඩා ලස්සන කෙනෙක් මේ ලෝකේ නෑ”
මේ ලෝකේ කොහේ හරි ආදරේ තාමත් ඉතිරිවෙලා තියෙනවා,ඒ ඔයාගේ හදවතේ වෙන්න පුළුවන්,එක තව කෙනෙක්ට කියලා දෙන්න.එතකොට ආදරේ කරන හැමෝම සතුටින් ඉදි,කාටවත් ආදරේ නිසා දුක ලැබෙන්නේ නැතිවෙයි.අවංකවම ආදරේ කරන්න,එකෙන් හිතනවාටත් වඩා ලස්සන ජිවිතයක්,ලස්සන සෙනෙහසක් ඔයාට ලැබෙයි..

1 comment: