හුදකලාව කලාවක් වෙන තැන

හුදකලාව කලාවක් වෙන තැන

Friday 25 April 2014

"ඇනිමේෂන් කලාව" දෙවන කොටස..

මන් කලින් පොස්ට් එකකින් පෙන්නුවා මම අන්තර්ජාලයේ සැරිසරද්දී මට දකින්න ලැබුණු ලස්සනම ඇනිමේෂන් පින්තුර ටිකක්..  මේ ඒ ටිකේ ඉතිරි සෙට් එක.. එල එකක් වෙන්න ඒ ටිකත් දාන්නම් බලලා කොහොමද කියන්න..

මුලටික මෙතනින් බලන්න

"ඇනිමේෂන් කලාව" (ඔබ නැරබිය යුතුමයි)

animation picture කිවුවාම කට්ටියට මතක්වෙන්නේ ඉතින් ඊතලයක් හදවතක් සිදුරු කරන එකකුත් එහෙමත් නැත්නම් මොකෙක් හරි සතෙක් මොකක් හරි විකාරයක් කරන එකක්,නැත්නම් ඉංගිරිසි අකුරු ටිකක් මොකක් හරි රිදම් එකකට චලනය වෙන එකක්නේ..
නෑ ඇනිමේෂන් කලාව කියන්නේ ඊට වඩා හුගක් ගැබුරු දෙයක්..
මන අද මේ ඇනිමේෂන් කලාවෙන් හැඩවුනු හිතට අල්ලන විදියේ පින්තුර ටිකක් පෙන්වන්නම්,පොඩ්ඩක් බලලා කියන්න කොහොමද කියලා.. මම මේක සයිබරයෙන් උපුටාගත්ත එකක්... හිතුනා මේක මගේ බ්ලොග් එක බලන අයටත් පෙන්නන්නම ඕනි කියලා..
සමහරවිට දැකලා ඇති,එත් බහුතරයක් දෙනා දැකලා නෑ කියල මට විශ්වාසයි මේ pictures ටි‍ක..

නුබත් අම්මෙක් දරුවන්ට කිරි දුන්...



එලියට යන බෑ තත්පරයක්, වැටෙන අව්ව හරියට අපිවම  පුච්චන්න ඉපදිලා වගේ,අහසට සආපකරලා වැඩක් නෑ,පොලව තෙමෙන්න වහිනකොට ඒ වැස්සට කුණුහරපෙන් බැන්නෙත් අපිමයි.සිකුරාදා ටෙක් එකේ වෙච්ච සිද්දියක් නිසා මගෙ හිත මේ අවුවට පිච්චෙන ගහකොලටත් වඩා පිච්චුනා.එකයි මේ හැගීමත් අකුරු කරන්නේ..

ටෙක් එකට ගියේ වෙනදා වගේම පුරුදු පාරෙමයි,පුරුදු විදියටම මම හෙවත් ‘රස්තියාදුකාරයා’ ටෙක් එකට යද්දී කට්ටිය ඇවිත්.. කොහොමින් කොහොම හරි අර හැමදාම වගේ දිග නොට් ටිකක් එක්ක වෝල්ට් 1200ක ත්‍රි පේස් ලයින් එකක් කවලම් වෙලා 10.30 ඉන්ටර්වල් එකත් ආවා,එකත මගුල් සම්මන්ත්‍රරනෙකට සෙට් උනා.. කොහොමින් කොහොම හරි ඔය මගුල ඉවරවෙලා එලියට අවා...
මන් දිවුවරනවා,මගෙ හිත කිරි ගැහිලා ගියා.. අවුරුදු 80කට විතර කිට්ටු ආච්ච් කෙනෙක් පොල් කොළවලින් වියපු වට්ටි ටිකක් තියාන ටෙක් එකේ මුල්ලකට වෙලා ලි පුටුවක ඉදන් ඉන්නවා,

Monday 21 April 2014

හන්තාන පාමුල - ආදර නිකිණි



මම හන්තාන පාමුල ලියන්න හිතුවේ මේ කතාව නිසා...

මිට අවුරුදු කිහිපයකට කලින් මම නුවර ක්ලාස් යනවා.. අනිත් කොල්ලෝ වගේම දඩබ්බර චරිතයක් තමා මමත්.. ඉස්සෙලම ගිහින් ක්ලාස් එකේ අන්තිම පෝලිමට පොරකන එක අපේ මුල්යුගේ පුරුද්දක්.ටික කාලෙකින් ඕක වෙනස් වෙනවා.. ඊට පස්සේ අපි පොලින් වලට පොරකෑවේ නෑ.. මොකද අපි කියට ගියත් අපිට ඉඩ අල්ලා තිබ්බා.. සමහරවිට ඒ මන හිතපු පතපු දේවල් වලට වඩා කියපු කරපු දේවල් නිසා වෙන්න ඇති..

Sunday 13 April 2014

හන්තාන පාමුල - සිතිජය



නැගෙනඉරෙන් ඉර පායනකොටත් බටඉරෙන් ඉර බහාලා යනකොටත් වෙනසක් නෑ,සිතිජය පහා පුදුම විදියට ලස්සනයි.අඩන මිනිහට හිතේ පත්තුවෙන ගින්න නිවාගන්නත් හින්නවෙන මිනිහට හිනාවට අර්ථයක් ගේන්නත් කලාකාරයට තවත් කලාකෘතියක් ලෝකයට දෙන්න පාර කියන්නත් ඔය සිතිජයට පුළුවන්..ඒත් ඒ සිතිජය ලගම මිනිස්සු ඇඩුවා,නිකන් නෙමේ කෑගහලා ඇඩුවා.. එකයි මම ඒ වගේම දුකම හිතුනු කතාවක් හන්තාන පාමුලදී අකුරු කරන්නේ.

ඒ වෙසක් පෝය දවසක්.දබුල්ල වදින්න ගිය චාමර ජ්විතේ මහා පුදුම වෙනසකට අත්තිවාරමක් දාන දවසක් කියලා කවමදාවත් හිතන්න නැතුව ඇති.කොලු කමට දකාරකමට හැදුනු චාමරට තිබුනේ  විසේකාර හිතක්.එකයි කොලුකම කියන්නේ..

Tuesday 8 April 2014

කුඩ්ඩා හෙවත් කුඩු උරන්නා



දිනේ හරියටම මතක නැති උනත් අගහරුවාදා දවසක්.. මම නුවර ඔරෝලොසුකනුව ලග ඉන්නවා බස එක එනකන්.. ටික වෙලාවකින් ආපු ප්‍රයිවට් බස එකේ මම එල්ලුනා.. මන ඉඩගත්තේ බස එකේ මැදට වෙන්න.ටික වෙලාවකින් එතනට ආවේ මට වඩා අවුරුදු 3ක් විතර වැඩිමල් රස්තා ඩයල් එකක්,මිනිහා ඒ සිට එකේම ඉදගත්තා.. ටික වෙලාවකින් එයා සාලි ගන්න සාක්කුව අදිද්දී පොඩි පැකට එකක් බිමට වැටුනා,මන හොදට බැලුවා.. ඒ “ගංජා”
මගේ මුණ දිහා බලලා හදිසියෙන් වගේ එක අහුලගත්ත ඔහු කියනවා,”දන්නේ නැත්ද මචන් පොඩි ආතල් එකක්”
මමත් හිනාවෙලා ජනේලෙන් එලිය බලාගත්තේ කොලු කාලෙට ඕවා සාමාන්‍ය දේවල් කියලා හිතලා..ටිකවෙලාවකින් ඔහු මාත් එක්ක කතාකරන්න පටන්ගත්තා.. නම ජනිත්,හිටියේ රාගම,ඔහු  ගංජා වලට වඩා දුර මතට හුරු වෙච්ච කෙනෙක් කියලා මට කිවුවේ ඔහුමයි.. මන් තාම මහයියාවේ..ඔහු යන්නේ රයිතලාවෙලට.මට කල් තියෙනවා මේකගැන ඔහුගෙන් අහගන්න.. මන කෙලින්ම කතාවට බැස්සා... මේ ඔහු කිවුව කතාව.. ඔහු කොහොම කෙනෙක්ද කියලා විනිශ්චය ඔබට බාර කරනවා..

Monday 7 April 2014

හන්තාන පාමුල


නුවර වැවේ එහා ඉවුරේ ඉදලා මෙහා ඉවුර ට යනකම් පලුදු වෙලා ගියපු ආදර කතන්දර බොහොමයි... ඉමක් කොනක් නැතිවෙන්න තරම් ආදරේ කරපු මිනිස්සු ඔය සිමෙන්ති පොලවේ හැප්පෙන පයත් එක්ක හදවතින් අනන්තවත් කඩාගෙන වැටිලා තියෙනවා. ඒ ඇතුලේ අපිට දරාගන්නත් අමාරු කතන්දර ගොඩක් හැංගිලා තියෙනවා.. ඒ නුවර ලග හන්තාන පාමුල කඳුළු බින්දු හලපු තවත් එක නපුරු අතිතෙක උරුමකාරයෙක් වෙච්ච මට මගේ කනට ඇහිච්ච මගේ ඇස් දෙකින් දැක්ක ඒ වගේ දුක හිතුන කතන්දර ලියන්නට අවසරයක් ඉල්ලනවා.. මේ සේරම මතකයන් එක්ක මන් ලබපු අත්දැකීම් මන අකුරුකරනවා මෙහෙම.. “හන්තාන පාමුල”

මන හන්තාන පාමුල ලිඅන්නේ මගේ අත්දැකීම් වලින් විතරක් නෙමේ..මේකට ඔයත් එකතුවෙන්න.. ඔය හිත එකෝමත් එක දවසක තනිවෙච්ච හැටි කියන්න.. මන් ආසයි අකුරු කරන්න,ඔය හිතේ හයිය.. මන දන්නවා හන්තාන පාමුලම නොවුනට කොහේ හරි එක හුදකලාවක ඔයත් ඉකිගගහා අඩන්න ඇති.. අපි ඒ වේදනාව අකුරු කරමු,ඒ වේදනාව සියුම්ව කියමු.. මට හන්තාන පාමුලදී ඔයාවත් ඕනේ එකයි..

නුවර වැව ලග මාර ගහා ලග බන්කුවේදී මට තුරුල්වෙලා ඉදලා ගෙදර යනගමන් වෙන කෙනෙක්ට ආදරේ කියපු චපල කෙල්ලෝ වගේම එක්තරා විදියක මන් වගේ බොලද කොල්ලොත් මේ ලෝකේ අනන්තවත් ජීවත්වෙනවා.. අපි දෙගොල්ලම වැරදි කරනවා.. ඔයාගේ ඔය අහිංසක හිත බිදපු ඒ ආදරේ ගැන මට කියන්න.. මන් එක හන්තාන පාමුලදී අනිත් අයටත් කියන්නම්.. ඔයා ගැන නොකියම.. අත්මාර්ථකාමී කමකට නෙමේ සහෝදරකම හන්දා..

බිත්ති හතරක් මැද්දේ ආදරේ කියන වචන වලට උත්තරීතර කන්යාබාවය උදුරගන්න සාමජෙක අපි අපේ ඊලග පරපුරට කියලා දෙමු ආදරේ කියන්නේ උන් ඒ කියන බිත්ති  හතර නෙමේ කියන එක.. එතකොට අපි සමාජයට යමක් කරා කියන එක අපි‍ට දැනෙයි.. මන හන්තාන පාමුල ලියන්නේ එකයි.. හන්තාන පාමුලදිවත් එකෙක් හරි වෙනස්වෙනවනම් තවත් එක කෙල්ලෙක් හෝ කොල්ලෙක් ජිවිතේ වරද්දගන්න එක නවතී..

කවුරු කොහෝම කිවුවත් ආදරේ පුජනීය නෑ.. එක පුජනීය කරන්නම් ආදරේ කරණ මිනිස්සු උත්තරිතර වෙන්න ඕනේ.. එහෙම මිනිස්සු හරිම අඩුයි.. රෝමියෝ ජුලියට්ලා වගේ ආදරේ කරන්න එපා.. උන් මැරුණා ඉවරයි.. සිද්දාර්ථ යශෝදරා වගේ ආදරේ කරපන්, සංසාරේ කෙළවර වෙනකම් හයියක් වෙන්න..
එදාට ආදරේ පුජනීය වෙයි.. එතකන් ආදරේ පුජනීය නෑ..



මේක ගොඩක් අහිංසක ඉල්ලීමක්.. ඔයාගේ කතාවක් තියෙනවනම් මට දෙන්න මේ අකුරුවලින් ලියන්න.. එක විශ්වාසෙ එක්ක බැදුණු ඉල්ලීමක් විතරයි..

හිතට තිත තියලා මලට අත වනපු ජීවිතය..


හිත කිරි ගැහෙන පාළුවක් එක්ක අරමුණක් නැති හුලග ඔහේ ගලාගෙන යනවා,කොහේදෝ ඉදලා එන සීතලක් හිත ගැබුරම හිරිවට්ටනකොට මන් ජිවිතේ අයෙමත් පියවරක් ආපස්සට තියලා බලන්න හදවතින් තේරුමක් නැති උත්සහයක් ගත්තා,මේ ඉපනැල්ල මට හුරුයි,මේ ඉපනල්ලත් එක්ක නොකියපු කතා අනන්තයි,එත් දෙනොදහාක් දන්නා මගෙ කතාව ඒ හැම කතාවකටම වඩා නපුරුයිද කියලා වෙලාවකට හිතෙනවා..

මන් ජිවිතකාලේ වැඩි කාලයක් බලන හිටියනම් ඒ අද දවස වෙනුවෙන්,එත් එක හිතුවෙවත් නැති විදියට වෙනස්වෙයි කියලා හිනේන් හරි මට හිතුනනම් මම මේ දවස එනකන් නොබලා අහක බලාගන්නවා.. එත් මගෙ කරුමෙට මන් මේ දවසත් ජීවත්වෙනවා.. අද මගෙ අහිංසක කෙල්ලගේ මංගල රැය..

ගමේ පුංචි පව්ලක හැදුනු මට මේ කුබුරුවල සුවද හොදටම හුරුයි,එත් ඒ සුවද ඒ හුලග නුහුරු චලනි මගෙ ලෝකෙට ආවේ මීට අවුරුදු ගානකට කලින්,දුප්පත් උනත් යන්න පුළුවන් උපරිම විදියට අකුරු කරපු මන්,සල්ලි විතරක් තිබ්බ චලනිගේ ආදරේට ගොදුරු උනේ අහම්බෙන්,කොහෙවත් නැති බලාපොරොත්තුවක් මට ගෙනාවෙත් එයයි,සරසවියේ අනන්තවත් ලස්සන කෙල්ලෝ හිටියට මන් ආදරේ කලේ චලනිට,එත් ඒ සල්ලි වලින් වැහිච්ච චලනිගේ අම්මටයි තාත්තටයි එක පෙනුනේ නෑ.උන් දැක්කේ මගෙ දුප්පත්කම විතරයි..

මන් තාමත් චලනි මානාලියක් වගේ අරන් ගියපු මෝටර් රතේ දිහා බලාගෙන හිටිය නුග ගහා පාමුලමයි,හිස වෙලා ගියපු බියර් බෝතල් ගාන මට මතක නැති උනත්, එදා ඉදලා දුකට සැපට හිටිය නුවන්යානම් නුග ගහා පාමුල බැංකුවේ  ඉන්න බව මතකයි,ජනේලෙන් මන් දි‍ා බ්ලන්ගියපු චලනිගේ කඳුළු පිරුණු ඇස් දෙකත් මතකයි,මන් මගෙ පන වගේ රැක්ක චලනි අද කොහේදෝ යන සල්ලිකාර අපතයෙක් අතින් දුෂනයවෙනවා කියලා මට හිතෙනකොට මහවැලියට වඩා ලොකු දුකක් හිතේ ගලාගෙන යනවා.. පුජියාමා වලට වඩා ලොකු ගින්දරක් හිතේ පත්තුවෙනවා..

චලනිට ඕනේ උනේ නෑ මාව දාලා යන්න,එත් මට ඕනේ උනේ නෑ මේ තත්වෙන් එයාව ගෙදරට ගෙනත් දෙන්නගෙම ජිවිත විනාශ කරගන්න,එක අතකින් මන් ආදරේ උගස්‌ කළා චලනිගේ සතුට වෙනුවෙන්,අනිත් අතින් මන් චලනිව උගස්‌ කළා මන් වෙනුවෙන්,ඇත්තටම දැන් මට හිතෙනවා මම මගෙ කෙල්ලව උගස්‌ කරපු කාලකන්නියෙක් නේද කියලා,මන් නිසයි අද එයා ඒ අපතයා අතින් දුෂණය වෙන්නේ.මමයි මගෙ කෙල්ලව දුෂණය කරන්න උට බාර කලේ..

මට යාන්තමට පේනවා,සිකුරු තරුව පායලා,මට ෂුවර්,සිකුරු මට හිනාවෙන්නේ නොන්ඩියට.. කැම්පස් එකේ ඉදලා එදා මන් චලනි එක්ක ෆෝන් ඒකෙන් මල් කඩද්දීත් ඔය සිකුරු මට හිනා උනා,එදා මන් හිතුවේ ඕකා මගෙ ෆිට් එකක් කියලා,එත් මු මට කෙලෙවුවා..

අය මොකටද මන් සිල් රකින්නේ,කා වෙනුවෙන්ද?තේරුමක් නෑ..

“කෝ අනිත් බියර් එක? මේ තියෙන්නේ.. ඒ නුවන් නැගිටපන්,ඔය මල ඔතලා මෙහාට ගනින්,අර සිකුරු හිනාවෙනවා,මටත් හිනාවෙන්න ඕනේ..”