හුදකලාව කලාවක් වෙන තැන

හුදකලාව කලාවක් වෙන තැන

Monday 7 April 2014

හන්තාන පාමුල


නුවර වැවේ එහා ඉවුරේ ඉදලා මෙහා ඉවුර ට යනකම් පලුදු වෙලා ගියපු ආදර කතන්දර බොහොමයි... ඉමක් කොනක් නැතිවෙන්න තරම් ආදරේ කරපු මිනිස්සු ඔය සිමෙන්ති පොලවේ හැප්පෙන පයත් එක්ක හදවතින් අනන්තවත් කඩාගෙන වැටිලා තියෙනවා. ඒ ඇතුලේ අපිට දරාගන්නත් අමාරු කතන්දර ගොඩක් හැංගිලා තියෙනවා.. ඒ නුවර ලග හන්තාන පාමුල කඳුළු බින්දු හලපු තවත් එක නපුරු අතිතෙක උරුමකාරයෙක් වෙච්ච මට මගේ කනට ඇහිච්ච මගේ ඇස් දෙකින් දැක්ක ඒ වගේ දුක හිතුන කතන්දර ලියන්නට අවසරයක් ඉල්ලනවා.. මේ සේරම මතකයන් එක්ක මන් ලබපු අත්දැකීම් මන අකුරුකරනවා මෙහෙම.. “හන්තාන පාමුල”

මන හන්තාන පාමුල ලිඅන්නේ මගේ අත්දැකීම් වලින් විතරක් නෙමේ..මේකට ඔයත් එකතුවෙන්න.. ඔය හිත එකෝමත් එක දවසක තනිවෙච්ච හැටි කියන්න.. මන් ආසයි අකුරු කරන්න,ඔය හිතේ හයිය.. මන දන්නවා හන්තාන පාමුලම නොවුනට කොහේ හරි එක හුදකලාවක ඔයත් ඉකිගගහා අඩන්න ඇති.. අපි ඒ වේදනාව අකුරු කරමු,ඒ වේදනාව සියුම්ව කියමු.. මට හන්තාන පාමුලදී ඔයාවත් ඕනේ එකයි..

නුවර වැව ලග මාර ගහා ලග බන්කුවේදී මට තුරුල්වෙලා ඉදලා ගෙදර යනගමන් වෙන කෙනෙක්ට ආදරේ කියපු චපල කෙල්ලෝ වගේම එක්තරා විදියක මන් වගේ බොලද කොල්ලොත් මේ ලෝකේ අනන්තවත් ජීවත්වෙනවා.. අපි දෙගොල්ලම වැරදි කරනවා.. ඔයාගේ ඔය අහිංසක හිත බිදපු ඒ ආදරේ ගැන මට කියන්න.. මන් එක හන්තාන පාමුලදී අනිත් අයටත් කියන්නම්.. ඔයා ගැන නොකියම.. අත්මාර්ථකාමී කමකට නෙමේ සහෝදරකම හන්දා..

බිත්ති හතරක් මැද්දේ ආදරේ කියන වචන වලට උත්තරීතර කන්යාබාවය උදුරගන්න සාමජෙක අපි අපේ ඊලග පරපුරට කියලා දෙමු ආදරේ කියන්නේ උන් ඒ කියන බිත්ති  හතර නෙමේ කියන එක.. එතකොට අපි සමාජයට යමක් කරා කියන එක අපි‍ට දැනෙයි.. මන හන්තාන පාමුල ලියන්නේ එකයි.. හන්තාන පාමුලදිවත් එකෙක් හරි වෙනස්වෙනවනම් තවත් එක කෙල්ලෙක් හෝ කොල්ලෙක් ජිවිතේ වරද්දගන්න එක නවතී..

කවුරු කොහෝම කිවුවත් ආදරේ පුජනීය නෑ.. එක පුජනීය කරන්නම් ආදරේ කරණ මිනිස්සු උත්තරිතර වෙන්න ඕනේ.. එහෙම මිනිස්සු හරිම අඩුයි.. රෝමියෝ ජුලියට්ලා වගේ ආදරේ කරන්න එපා.. උන් මැරුණා ඉවරයි.. සිද්දාර්ථ යශෝදරා වගේ ආදරේ කරපන්, සංසාරේ කෙළවර වෙනකම් හයියක් වෙන්න..
එදාට ආදරේ පුජනීය වෙයි.. එතකන් ආදරේ පුජනීය නෑ..



මේක ගොඩක් අහිංසක ඉල්ලීමක්.. ඔයාගේ කතාවක් තියෙනවනම් මට දෙන්න මේ අකුරුවලින් ලියන්න.. එක විශ්වාසෙ එක්ක බැදුණු ඉල්ලීමක් විතරයි..

No comments:

Post a Comment