හුදකලාව කලාවක් වෙන තැන

හුදකලාව කලාවක් වෙන තැන

Saturday 19 July 2014

සුරංගනාවී

මිට අවුරුදු 3කට 4කට  කට කලින් මටම වෙච්ච එක්තරා සිද්දියක් මම හන්තාන පාමුලදී අද අකුරුකරනවා.මුලින්ම කියන්න ඕනි මේක ආදර කතාවක්වත් කෙල්ලෝ කොල්ලෝ බුට් කන බුට් තියන කතාවක්වත් නෙමේ.මේක මට තාම තේරුම්ගන්න බැරිඋන මගේ ජීවතේ එක කතාවක්..

මිට කාලෙකට කලින් මම නුවර රිවිෂන් ක්ලාස් යනවා කොමස් වලට.මට මගේම කියලා ආවේනික විලාසිතාවක් තිබා.. සුදු කැන්වස් දෙක දාලා තද පාට අත්දිග ෂර්ට් එකක ඇත නමලා ඩෙනිම ඇදලා ෂර්ට් එකේ බොත්තමක් ගලවලා කොන්ඩේටිකක් උස්සලා තමා මම හැමදාම ක්ලාස් ගියේ.ඒ අස්සේ හැමවෙලේම කරේ එල්ලෙන සුදු යකඩ මාලේ මට රස්තියාදුකාර පෙනුමක් ගෙනාවා.
ඒ නිසා ගොඩක් “වැදගත්” යැයි සම්මත ය මන් දිහා බැලුවේ මහා මිනිමරුවෙක් දිහා බලනවා වගේ.
සතියේ දවස් වල හැමදාම උදේ 6.30 බස් එකේ  මමයි මගේ යාළුවොයි යනවා.ඒක දවසක් 5 වසරේ හරි ඊට අඩු වයසේ හරි පුංචි ගෑනුලමයෙක් මන් දිහා බලාගෙන හිටියා.මන් බලද්දී හිනාවෙනවා.හරියට සුරන්ගනාවියෙක් වගේ.

එකොමත් එක දවසක මේ බස් එකේම ඉස්සරහා ඉගෙන හිටිය මේ පුංචි සුරන්ගනාවිත් එයාගේ අම්මත් පිටිපස්සෙම ඉගෙන හටිය අපි ගාවට එනවා,හිනා කටක් හිනාවෙලා ආපු පුංචි සුරංගනාවී හතරට නවපු හාෆ්ශිට් එකක් මට දික්කරලා “සුදු අයියට” කියලා එක මන් ලගින් තියලා දුවලා යනවා.මොකුත් තේරුනේ නැති අපි සෙට් එක ඔහේ බලාගෙන හිටියා.බස් එකෙන් බැහැලා ගිය සුරංගනාවී පිටිපස්සේ වීදුරුවෙන් මන් බලනකොටත් හිනාවෙවී අත වනනවා.හෙමිට අතවනපු මමත් හිනාවෙලා එතන තියලා  ගිය කොලේ ගත්තා.

එකේ ඇදලා තිබුනේ චිත්ර්යක්.කොන්ඩේ උස්සපු කොල්ලෙක් මන් විදියටම ෂර්ට් එකක් ඇදලා ඒ චිත්රේ ඉන්නවා,ඒ මමමයි.ඊට යටින් ලොකු අකුරින් ලියලා තිබුනා මෙහෙම.”මම තරහා නෑ සුදු අයියා එක්ක”සුරංගනාවී මාවම ඇදලා.ඊට පස්සෙත් පුරුදු විදියටම හැමදාම බස් එකේදී හිනාවෙවී මන් දිහා බලපු සුරංගනාවී මට කවදාවත් කතාකලේනම් නෑ.මමත් හැමදාම ටෝෆියක් හරි එයාට දෙන්නත් අමතක කලේ නෑ.

මාස ගානකට පස්සේ මම විබාගේ ලියලා ගෙදර ඉන්න පටන්ගත්තට පස්සේ මට අය ඒ බස් එකට යන්න ලැබුනේ නෑ.දවසක් ඒ වෙලාවට ඒ බස් එකටම එයා බලන්න ගියපු මම එයාවනම් දැක්කේ නෑ.
පස්සේ දැනගත්ත විදියට සුරන්ගනාවිගේ අම්මා ටීචර් කෙනෙක්,තාත්තා බැනුකුවක වැඩ කලේ.කොලබට මාරුවීමක් හදාගෙන එයාල එහෙ ගිහින් තිබුනා.
 මේ කතාවට තවත් හේතුවක් හැංගිලා තිබුනා.කතාවට අලුතින් එකතු උණු චරිතේ මහේෂ්. මහේෂ් කියන්නේ සුරන්ගනාවිගේ අයියා.මහේෂ් හමුදා නිලදාරියෙක්.ඔහු උතුරේ ක්‍රියාන්විතයකදී මියගිහින් තිබුනා.සුරංගනාවී,එහෙමත් නැත්නම් සයුරිගේ අම්මලා සයුරිට කියලා තිබෙනේ අයියා තරහා නිසා ගෙදර එන්නේ නැති බවක්.මහේෂ්ගේ හැඩරුව මන් වගේම කියලා මට කිවුවේ සයුරිගේ ගමේම හිටිය මහේෂ්ගේ යාලුවෙක්.මේක අහපු මගේ පපුව මහා වවන්නේ නැති දුකකින් කිරිගහිලා ගියා.
මන් ආවේ නැති දවස් වල හැමදාම බලාන ඉන්න සුරංගනාවී බස් එකෙන් ගිහින් තිබුනේ අඩාගෙන.මට එන්න පුළුවන්කම තියෙද්දිත් මම ගෙදර හිටියේ කියන වරදකාරී හැගීමකින් මම තාමත් විදවනවා.අයියෙක් හොයපු අහිංසක කෙල්ලකගේ බලාපොරොත්තු මහා කාලකන්නි විදියට බිදලා දැම්මේ මම.අද සයුරි කුමාරිකාවක් වගේ කොහේ හරි ලස්සනට ජීවත්වෙනවා ඇති.කොහොම හරි එයාට මේක කියවන්න ලැබෙනවනම් මම මේක අන්තිමට මෙහෙම කියනවා..

“සුදු අයියත් ඔයා එක්ක තරහ නෑ සුරංගනාවී,දවසක මොන ලෝකේ හිටියත් සුදු අයියා එනවා ඔයා බලන්න,එක පොරොන්දුවක්”

No comments:

Post a Comment