හුදකලාව කලාවක් වෙන තැන

හුදකලාව කලාවක් වෙන තැන

Wednesday 25 June 2014



පුර සඳ ආයෙමත් පායාපන්,මේ දිවි ගමනට පෙර වාගේ....

මගේ සහෝදර බුද්දික “අම්බුළුවාව පාමුල” අකුරු කරද්දී මම සයිබරයේ තවත් තැනක “හන්තාන පාමුල” අකුරු කරනවා. දවසක් බුද්දික අතින් ලියවෙන එක කතාවක ප්‍රදාන චරිතය වෙන්නේ මගෙත් එක්ක එකටම සාන්ත තොමසුවේ සිප් දිය බිවුව මගේම යාලුවෙක්,ඒ අහිංසකයාගේ ශරීරය යකඩ යකා ඉස්සරහාදී දෙකඩ වෙලා වැටිලා ආදරේ ගලාගෙන ගිය හැටි බුද්දික ලස්සනට අකුරුකරනවා “අම්බුළුවාව පාමුල”දී.. ගොඩාක් දෙනෙක් නොදැන හිටිය කතාවක්,අහින්සකයෙක්ට මොඩයා කිවුව සමාජයක් යාන්තමින් හරි වෙනස්කලාට මම මුලින්ම බුද්දීකට මේ ආචාරය පුදනවා,එක ආචාරයක් විතරක් නෙමේ  උත්තමාචාරයක්..


කතාවට ආරම්බයක් දෙනවා මෙහෙම.
2011 ජනවාරි 4 වෙනිදා නිවාඩු පිට හිටපු හමුදා නිලදාරියෙකුට පේරාදෙණියේදී තරුනුනයන් පිරිසක් පහර දෙනවා.මේක හුගදෙනෙක් දැක්කත් එක එච්චර ලොකු පහරදීමක් නොවෙන නිසා මිනිස්සු එතරම් තකන්නේ නෑ.එත් මේ කතාවත් අනිත් රණ්ඩු වල නිදන් කතාව වගේම වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම ගවුම් කැලකට ගහගනිල්ලක්.හැබැයි එක වලංගු ගහපු මිනිස්සුන්ට මිසක් ගුටිකාපු අහිංසකයට නෙමේ.ඔහුගේ කතාව වෙනම එකක්.


දනුක හමුදා නිලදාරියෙක්,උතුරේ කාලයක් ක්‍රියාන්විතයේ හිටිය දනුක ආදරේ කලේ නුවර හිටිය ජානකිට.මාලිගාව ඉස්සරහාදී මුලින්ම හමු උනු මේ දෙන්නගෙන් ජානකි නුවර උනාට දනුකගේ ගම උනේ අනුරාධපුරේ.
ජානකි දුප්පත් කෙල්ලෙක්,දනුකට රැකියාව නිසා අතේ තරමක් මුදල් ගැවසුනත් ඔහුත් පෝසත් කෙනෙක් නෙමේ,මේ ආදරේ පටන් ගත්තේ දනුකත් ජානකිත් දෙන්නම ඉගෙනගන්න කාලේ,නුවර පන්ති ආපු දනුක ජානකිට ආදරේ කරන්න පටන් ගන්නවා.උසස්පෙළ විබාගයෙන් දනුක අසමත් වෙද්දී ජානකි ඉහලින්ම සමත්වෙනවා.ජානකි සරසවි වරම් ලබනවා.. එත් කොහෙද ගියපු අවාසනාවකට සරසවි පළමු වසරේදීම ජානකිට තමන්ගේ පියා අහිමිවෙද්දී හැම හීනයක්ම බොදවෙලා වැටෙනවා.

මේ වෙලාවේ තමන් ආදරේ කරනකෙනාගේ ජිවිතේ බර දනුක තමන්ගේම කරට ගන්නවා,ඔහු හමුදාවට බැදෙන්නේ ජානකි නිසා,ජානකිට ඕනි කරන හැම සතයක්ම දනුක එයාගේ දහදිය කාසි කරලා ජානකිට දෙන්න දෙපාරක් හිතන්නේ නෑ. මේ ආදරේ ඔහොම ගලාගෙන යද්දී ජානකි අවසන් කරනවා ඇයගේ උපාදිය.පේරාදෙණිය විශ්වවිද්ද්යාලයේ ඉස්සරහාට වෙලා තමන්ගේ ආදරේ එක්ක ජානකි එනකම් මගබලාගෙන ඉන්න දනුකට දකින්න ලැබෙන්නේ වෙන කෙනෙක්ට තුරුල් වෙලා එන ජානකිව.
දනුකකේ මුළු ලෝකෙම කඩාගෙන වැටෙන්න ගතවෙන්නේ එකේම එක තත්පරයයි..මොකුත් කරකියාගන්න බැරිව දනුක දිහා බලන් හිටිය ජානකි ආයෙමත් සරසවිය ඇතුලටම දුවගෙන යන්නේ තමන් කරපු වැරැද්ද තේරුනා වගේ..
මොකුත් නොකියා දනුක ආයෙමත් ආවත් ඉවෙන් වගේ හැමදෙයක්ම තේරුන ජානකිගේ අලුත්ම බුද්දිමත් පෙම්වතා කරන්නේ තමන්ගේ සහචරයෝ එක්ක දනුකට පහරදෙන එක.මේ දේ ඇස් දෙකින්ම දැකලත් ජානකි වචනයක්වත් නොකියා පැත්තකට වෙලා ඉන්නවා.අන්තිමේදී අන්තෙටම අසරනවෙන දනුක ආයෙමත් අනුරාදපුරේට යනවා.

ඊට දවස් දෙකකට පස්සේ අනුරාධපුරේ ගල්තාලාවකදී දනුකව හම්බවෙනවා.හැබැයි ඒ වෙලාවේ දනුක හුසමගන්නේ නෑ.හිස් වෙච්ච වස කුප්පියකට දනුක ආදරේ පොවලා තිබ්බා.ආදරේ වෙනුවෙන් උතුරේ ගිනිගන්න තල් හෙවනට ජිවිතේ ලස්සනම කාලේ කැපකරපු අහිංසකයෙක් තේරුමක් නැතිව යන්න ගිහින් හිටියා.
ජාතියක් බිලිගන්නා මාන බැලුව වෙඩි උණ්ඩ සිය දහස්ගානකටවත් බිලිගන්න බැරිවෙච්ච ජිවිතයක් එදා ආදරේ කියන අකුරු ටික බිලි අරන් තිබුනා..
ඉතින් කොහොමද ආදරේ උත්තරීතර වෙන්නේ..හැමදාම කියනවා වගේ ආදරේ උත්තරීතර වෙන්නනම් ආදරේ කරන මිනිස්සු උත්තරීතර වෙන්න ඕනි.එත් එහෙම මිනිස්සු දැන් නෑ.

.... අවසන් කරනවා මෙහෙම,හන්තාන පාමුල ලියද්දි මන් පටන් ගත්ත විදියටම...
-          රෝමියෝ ජුලියට් වගේ ආදරේ කරන්න එපා,උන් මැරුණා ඉවරයි.. සිද්දාර්ථ යශෝදරා වගේ ආදරේ කරපන්,සංසාරේ කෙලවරවෙනකන් හයියක් වෙන්න -

1 comment:

  1. නියමයි හිපොප් නියමයි...

    ReplyDelete