හුදකලාව කලාවක් වෙන තැන

හුදකලාව කලාවක් වෙන තැන

Sunday 20 July 2014

සෙනෙහසේ විප්ලවය (හන්තාන පාමුල)



ඒ 80 දශකයයි.ලක් මව පුරා බිෂණය රජකළ යුගයයි,සහෝදරත්වයේ නාමයෙන්,විප්ලවයේ නාමයෙන් දහස් ගණනකගේ ජිවිත් අකාලයේම මිලිනව ගිය යුගයයි.මහපාර දිගට ටයර් කදු අළු වේවි අගුරු වෙන තාරුණ්‍ය කලුපාට කල අතීතය සම්පුර්නයෙන්ම තිරිසන්ය.මෙහෙමයි කිව නොහැකි තරමටම කළු පැල්ලමක් ඉතිහාසයේ සටහන් කල විපලවයේ  යට ගිය කතාවක් හන්තාන පාමුලදී අකුරු කරන්න මට හිත හැමවෙලේම කිවුවා.

නයනි කියන්නේ හන්තාන හෙවනෙම නුවර පහස ලබන පුංචි ගමක හැදුනු තරුණියක්.තාරුන්යේ මහා ආවේගය තිබුනා මේ ගෑනු හිතටත්.පන්ති හතේ සුවද විදපු නයනි පුංචි කාලෙකින්ම විප්ලවයේ
දෑන්තයෙක් වෙන්නේ ඒ ආවේගයේ රස්නේ හින්දම වෙන්න ඇති.ධනපති පන්තියට,පන්ති බේදයට එරෙහිව එකින් එකා හුස්ම ගන්න එක නවත්තනකොට නයනි තවත් ආව්ගශීලි උනා.

කොච්චර ආවේගහිලි තරුණ හිතක් උනත් ආදරේ කියන අකුරු ටික ලග පුංචි එකෙක් ගානට වැටෙනවා,හරි වැරැද්ද නොපෙනන මේ ආදරේ කියන අකුරු ටිකට වහල් වෙන ජිචිත ඔහේ ගෙවෙන්නේ අද ඊයෙ ඉදලා නෙමේ,ඒ වගේම අදත් හෙටත් විතරකුත් නෙමේ.එක ඉතිහාසේට වර්තමනෙට වගේම අනාගතේටත් පොදු ඇත්තක්..
නයනිත් ආදරේ කරපු හිතක් තිබුනා,ඒ සුරංග.නයනිගේ ගමේම නයනි එක්ක එකට හැදුනු සුරන්ගගෙයි නයනිගෙයි ආදර කතාව විප්ලවයත් වඩා හුගක් පරණයි.ඒ නිසා විප්ලවයටවත් පුලුවන් උනේ නෑ මේ ආදර කතාව වෙනස් කරන්න.මෙතන හැන්ගුනු ඇත්තක් තිබුනා,ඒ නයනි විප්ලවය වෙනුවෙන් රටක් බිෂණයේ ගිල්වද්දී සුරංග ආණ්ඩුව වෙනුවෙන් බිශ්නය බිෂනයේම ගිල්ලවපු හමුදා නිලදාරියෙක්,සුරංග කවමදාවත් දැනගෙන හිටියේ නෑ තමන් ආදරේ කරන පන ටික තමන් නවත්තන්න හදන තාරුණ්‍ය විප්ලවයේ මහා අදිෂ්ටානයක් කියන එක.
කතාව ඔහොමම ගෙවිලා යනවා.සුරංගටත් සුරංගගේ සහෝදර සෙබළුන්ටත් අණ ලැබෙනවා විප්ලවයේ මුදුන් මුල් ගලවන්න.ලැබෙන තොරතුරු අනුව මහා පාවා දෙන්නෝ හෙවත් ගෝනි බිල්ලෝ,සුරංග,එක්කම ගිනි අවි ගත්ත හමුදා පිරිසක් පිටත් වෙනවා විප්ලවයේ ප්‍රමුකයින්ගේ හුස්ම අවසන් කරන්න.
පවා දෙන්නා හෙවත් ගෝනි බිල්ලා යන්නේ නයනිගේ ගෙදරට,පැන යන්න උත්සහා කරත් නයනි හමුදා ග්‍රහණයට හසුවෙනවා,මොකුත්ම කරකියාගන්න බැරි වුනු සුරංග අසරනවෙන්නේ දෙන්නෙක් තුදෙනෙක් ඉදිරියේ නෙමේ මුළු රටක් නීතියක් අනාගතයක් ඉදිරියේ.

සුරංග තම ජෙෂ්ට නිලදාරියගෙන් තම පෙමවතියට අනුකම්පාව අයදිනවා.තුවක්කුවකට තුරුල් උනත් ඒ පෙම්වතෙක්,හමුදා නිලදාරියෙක් ,තරුණ කොල්ලෙක් පිරිමියෙක් අයදිනවටත් වඩා එදා පෙම්වතෙක් කාකිපාට නිල ඇදුමක්  ඉස්සරහා දනින් වැටෙන්න ඇති තමන්ගේ රත්තරන් කෙල්ලගේ පන බේරලා දෙන්න කියලා..
එත් ඒ වෙනකොට අනුකම්පාව කියන දේ මේ රටේ කොහෙවත් තිබුනේ නෑ.මිනිස්සු උපන්තින්ම ඉගෙනගෙන තිබුනේ ජිවිතේ රැකගන්න මිසක් ජිවිතේ රකින්න නෙමේ,අන්තිමට සුරංගට ආදරේ කිරීමේ වරදට ලැබුණු ත්‍යාගය උනේ තමන්ගේ පෙම්වතියට තමන්ගේ අතින්ම වෙඩි තියලා දාන්න.මනුස්සකම ඒ තරමටම මැරිලා තිබුනා,පන අදින ආදරේ විතරක් යාන්තමට ඉතුරුවෙලා තිබුනා.

සුරන්ගේගේ අතේ තිබුණු පිස්තොලේ කෑගහලා අඩන නයනිගේ හිසට එල්ලවෙලා තියෙද්දී තමන්ගේ සහෝදර සෙබළුන්ගේ තුවක්කු සුරංග දිහාට එල්ලවෙලා තිබුනා,මේ තුවක්කු අතරේ සුරංග එක්කම එකට හැදුනු එක බත් පතේ කාපු අනුර වෙවුලන අත දෙකින් සුරංගට තුවක්කුව දික්කරගෙන හිටියා.ඒ වෙනකොට සහෝදරකම යාලුකමත් මැරිලා කියන්න වෙන සාදක ඕනි නෑ.
බේරුමක් නැති බව තේරුණු තැන සුරන්ගේගේ තුවක්කුව පත්තු උනා.විප්ලවටත් වඩා පැරණ ආදර කතාවක අහිංසක පෙම්වතියක් අසරණ පෙම්වතෙක්ගේ කකුල් දෙක ලග මැරිලා වැටුනා.අසම්මතය අයෙත් මල් පිදුනා,දෙවැනි වෙඩිල්ලත් පත්තු උනා.ඒ සුරංගගේ අතින්මයි.පුරාවුර්තයක් වෙච්ච ආදර කතාවක පෙම්වතෙක් මියගිය පෙවතියගේ තවමත් උණුසුම් පපුව උඩට වැටුනා.සුරංගගේ ඉලක්කය උනේ තමන්මයි.

ඊළගට පත්තු උනේ අනුරගේ ගිනිඅවිය,හිත පිත් නැති ජෙෂ්ට සොල්දාදුවා වෙඩි කාගෙන මහපොළවේ දනගහනකොට සහෝදර කම ආයෙමත් ඉපදුනා,පුංචි කාලේ ඉදලා එකට හැදුනු සුරංග නයනි ආදරේ වෙනුවෙන් මහපොළවෙ වැටෙනවා දකිනකොට අනුරගේ හිතේ අයෙත් මනුස්සකම ඉපදෙන්න ඇති,එත් එක නිමේෂයෙන් අනිත් හැම ගිනිඅවියකින්ප පිට වුනු හිත පිත් නැති යකඩ උණ්ඩ අනුරගේ හැම නහරයක්ම සිදුරු කළා.

ඊට පහුවෙනිදා ටයර් සෑයක් නොදැවුණු මල සිරුරු 3ක් මහපාරේ වැටිලා තිබුනා,එක පිරිමි මල සිරුරක් බිම වැටුණු තරුණියකගේ මල සිරුරක් අසල දනගහගෙන කුඩු පට්ටම් උණු හිසකින් ඒ මල සිරුර දිහා බලාගෙන ඉන්න ආකාරයෙන් තිබුනා.අනිත් පිරිමි මල සිරුර ලේ විලක් මැද පාවෙලා තිබුනා,තරුණ ජිවිත තුනක් ආකාලයේ මිලිනව යද්දී ආදරේ මනුස්සකම,සහෝදරකම,මිතුදම ඒ ලේ අතරේ ආයෙමත් හුස්මගනිමින් තිබුනා...
එදා සුරන්ගගෙයි නයනිගෙයි ආදර කතාව මම අද හන්තානපාමුල අකුරු කරා.මතක තියාගන්න හැම ආදර කතාවක්ම ජයගන්නේ නැ,ඒ වගේම හැම ආදර කතාවකම පාරාජය වෙන්නෙත් නෑ,හැබැයි මතක තියාගන්න  හැම ආදර කතාවක්ම පුරාවුර්තයක් වෙනවා.

2 comments:

  1. හන්තාන පාමුල දිගටම ලියන්ඩ කොල්ලා

    ReplyDelete