හුදකලාව කලාවක් වෙන තැන

හුදකලාව කලාවක් වෙන තැන

Sunday 13 April 2014

හන්තාන පාමුල - සිතිජය



නැගෙනඉරෙන් ඉර පායනකොටත් බටඉරෙන් ඉර බහාලා යනකොටත් වෙනසක් නෑ,සිතිජය පහා පුදුම විදියට ලස්සනයි.අඩන මිනිහට හිතේ පත්තුවෙන ගින්න නිවාගන්නත් හින්නවෙන මිනිහට හිනාවට අර්ථයක් ගේන්නත් කලාකාරයට තවත් කලාකෘතියක් ලෝකයට දෙන්න පාර කියන්නත් ඔය සිතිජයට පුළුවන්..ඒත් ඒ සිතිජය ලගම මිනිස්සු ඇඩුවා,නිකන් නෙමේ කෑගහලා ඇඩුවා.. එකයි මම ඒ වගේම දුකම හිතුනු කතාවක් හන්තාන පාමුලදී අකුරු කරන්නේ.

ඒ වෙසක් පෝය දවසක්.දබුල්ල වදින්න ගිය චාමර ජ්විතේ මහා පුදුම වෙනසකට අත්තිවාරමක් දාන දවසක් කියලා කවමදාවත් හිතන්න නැතුව ඇති.කොලු කමට දකාරකමට හැදුනු චාමරට තිබුනේ  විසේකාර හිතක්.එකයි කොලුකම කියන්නේ..


දබුලු ගල උඩදී චාමර දකිනවා එක කෙල්ලක්..හිතාගන්නවත් බැරි මහා පුදුම අමුත්තක් එදා චාමරට දැනෙන්න ඇති.කොහිමින් කොහොම හරි ඔය කතාව එදා ඉවරවෙන්නේ චාමරගේ ෆෝන් නම්බර් එක ඒ කෙල්ලට දීලා,ඒ කාලේ අතේ ගෙනියන්න මොබයිල් තිබ්බේ නෑ,තිබ්බේ ගෙදර ලයින් එක.කොල්ලෝ කෙල්ලෝ අමාරුවෙන් හරි මලක් කැඩුවන්ම් ඕකෙන්.

චාමරට කොල් එකත් එනවා,නම නෙත්මිණි.. හිටියේ ගාල්ලේ.කතන්දරේ ඔහොම යද්දී චාමර ගෙදරට මේ ගැන කියනවා.අන්තිමට ගෙවල් වලින් මේ ගැන කතාකරලා දෙන්නට කැමැත්ත දෙනවා.චාමර පුළුවන් හැමවෙලේම නෙතු බලන්න ගාල්ලේ ගියා..

එකමත් එක දවසක චාමර නෙතුට කොල එකක් ගන්නවා,”නෙතු මට ඔයා බලන්න ආසයි”,මම අනිද්දා එන්නම්..”

මට හරියටම දවස මතකයි,ඒ 2004 දෙසැම්බර් 06 වෙනිදා,අපි කාටවත්ම අමතක කරන්න බෑ,ජිවිතේ පලවෙනි වතාවට මගේ මිනිස්සු නේද කියල කිසිම දවසක දැකලා නැති මිනිස්සු වෙනුවෙන් මම ඉකි ගහලා අඩපු දවස..
පුතාගේ අතින් අල්ලන හිටිය අම්මා කර දියට ගහගෙන යද්දී ඒ දියටම පුතෙක් පනිනවා මුළු රටක බලන හිටිය දවස,ජාති ආගම කිසිම බේදයක් නැතිව මනුස්සකම ඉතිරෙද්දී ඒ මනුස්සකම යටකරන් මුහුදු දිය නපුරුවෙච්ච දවස.
ආදරේ කරපු හිත් ඇස් ඉස්සරහා මරලා දාපු දවස.. කාලකන්නි සුනාමිය..

මේ ආරංචිය චාමරට ආවේ අනිත් අයට කලින්, චාමරට කොල එක ගත්ත නෙතු :චාමර මුහුද ගොඩ ගලනවලු”කියලා කිවුවට චාමර විශ්වාස කලේ නෑ.. “බොරු කියන්න එපා නෙතු,මෝඩි” “චාමර බොරු නෙමේ..”
කෑ ගහා එක කියපු නෙතු ෆෝන් එක තිබ්බ,කට් කලාද  කට් උනාද කියන්න චාමරට නොතේරුනාට මහා අමුත්තක්නම දැනුනා.. අය ෆෝන් එක වැඩ කලෙත් නෑ..

ටිකවෙලාවකින් රටම මේ ගැන දැනගත්දී චාමර කෑගහලා ඇඩුවා.. බයික් එකේ ගාල්ලට යන්න හදපු චාමර නවත්ත ගත්තේ යාලුවෝ නොවදින වැදුම් වැදලා..

සේරම දේවල් ඉවර වුනාට පස්සේ චාමර ට හම්බ උනේ නෙතුගේ අම්ම විතරයි, නෙතුගේ පව්ලේ අනිත් හැමදෙනාම නෙතු එක්කම යන්නම ගිහින් තිබුනා..

මට හොදටම මතකයි,එදා චාමර අයියා මුහුදට සාප කර කර ඇඩුවා.. ඒ ගින්න අපිට තේරුම ගන්න බෑ..
අද චාමර ඉන්නේ සින්ගපුරුවේ..අද චාමරගේ අම්මයි තැති එක්කාම නෙතුගේ අම්මත් ඉන්නේ එක ගෙදර.එකයි ආදරේ කියන්නේ,ආදරේ කරනවානම් ආදරේ කරන කෙනා අදාරේ කරන හැමදෙටමත් ආදරේ කරන්නම ඕනි.
ඉදලා හිටලා ලංකාවට එන චාමර මට  පෙරේදා හම්බ වුනා..අලුත් අවුරුද්දට කියලා අපේ ගෙදර ආව චාමර මගේ හන්තාන පාමුල කියෙවුවා..
“මල්ලි ඇයි උබ මන ගැන ලිවුවේ නැත්තේ?”
ඔන්න එහෙනම් මම ලිවුවා අයියන්ඩි.. ඔයා කිවුව කතාවේ ලස්සන වචන ටිකක් දැක්කා මම.එකත් කියන්නම ඕනි..

“මල්ලි මිනිස්සු හිත හදාගන්න බීච් එකට යනවා,ඒත් මුහුදු හුලග මගෙනම් හිත පාරවන එකමයි කරන්නේ..ඒ හුලග මට හැමදාම මතක්කරනවා,නෙතුගේ අන්තිම වචන ටික මන් විශ්වාසකලේ නෑ නේද කියලා..”

“චාමර,මුහුද ගොඩගලනවා”

3 comments:

  1. දෙසැම්බර් 26 නේ බන් සුනමි ආවේ.

    ReplyDelete
  2. ඕක ගොඩක් අය‍ට වුනු වැඩක්.......ආදරය කරපු අයට ආදරේ අහිමි කලා.

    ReplyDelete
  3. යාළුවා හිතන්න පුරුදු වෙයන් දෙසැම්බර් 26 වෙනුවට දෙසැම්බර් 06 වැදිලා කියලා එතකොට ජීවිතේ ලස්සනයි

    ReplyDelete