හුදකලාව කලාවක් වෙන තැන

හුදකලාව කලාවක් වෙන තැන

Tuesday 8 April 2014

කුඩ්ඩා හෙවත් කුඩු උරන්නා



දිනේ හරියටම මතක නැති උනත් අගහරුවාදා දවසක්.. මම නුවර ඔරෝලොසුකනුව ලග ඉන්නවා බස එක එනකන්.. ටික වෙලාවකින් ආපු ප්‍රයිවට් බස එකේ මම එල්ලුනා.. මන ඉඩගත්තේ බස එකේ මැදට වෙන්න.ටික වෙලාවකින් එතනට ආවේ මට වඩා අවුරුදු 3ක් විතර වැඩිමල් රස්තා ඩයල් එකක්,මිනිහා ඒ සිට එකේම ඉදගත්තා.. ටික වෙලාවකින් එයා සාලි ගන්න සාක්කුව අදිද්දී පොඩි පැකට එකක් බිමට වැටුනා,මන හොදට බැලුවා.. ඒ “ගංජා”
මගේ මුණ දිහා බලලා හදිසියෙන් වගේ එක අහුලගත්ත ඔහු කියනවා,”දන්නේ නැත්ද මචන් පොඩි ආතල් එකක්”
මමත් හිනාවෙලා ජනේලෙන් එලිය බලාගත්තේ කොලු කාලෙට ඕවා සාමාන්‍ය දේවල් කියලා හිතලා..ටිකවෙලාවකින් ඔහු මාත් එක්ක කතාකරන්න පටන්ගත්තා.. නම ජනිත්,හිටියේ රාගම,ඔහු  ගංජා වලට වඩා දුර මතට හුරු වෙච්ච කෙනෙක් කියලා මට කිවුවේ ඔහුමයි.. මන් තාම මහයියාවේ..ඔහු යන්නේ රයිතලාවෙලට.මට කල් තියෙනවා මේකගැන ඔහුගෙන් අහගන්න.. මන කෙලින්ම කතාවට බැස්සා... මේ ඔහු කිවුව කතාව.. ඔහු කොහොම කෙනෙක්ද කියලා විනිශ්චය ඔබට බාර කරනවා..


“මචං මම හොදට ඉගෙනගත්ත කොල්ලෙක්,මම ඒලෙවල් කලේ මැත්ස්‍,හැබැයි මන් පාස් උනේ ලාවට.. ඒ මගේ යාලුවෝ නිසා කිවුවොත් මන වැරදි නෑ.. කවදාවත් යාළුවෝ මත ජීවතේ ඔහේ ගලන්න ඉඩ දෙන්න එපා..’
මන් ඉපදුනේ 1989 මට වයස 24 යි මල්ලි,එත මචං මම 32 වතාවක් පොලිස් කුඩුවේ ලැගලා තියෙනවා..අම්ම නර්ස් කෙනෙක්,තාත්තාට ලොරි 4ක් තියෙනවා,මන් ඉස්කෝලේ යනකාලේ අපි ඉදලා හිටලා හොරෙන් සිගරට් එකක් ගැහුවට හොරෙන් අරක්කු වීදුරුවක් බිවුවට, කවමදාවත් මල්ලි ඊට එහා දෙයක් කලේ නෑ,කරන්න හිතුවෙත් නෑ.. එක දවසක් අපේ බිග් මැච් දවසක කොල්ලෝ ගහගත්තා,ඒ අතරට ආපු පොලිස් කාරයෙකුට අපේ එවුන් ගැහුවා.. පස්සේ දවසක මුට මාව මතක තිබිලා ටවුන් එකේදී මාව චෙක්කලා..මන ලග මොකුත්ම නොතිබුනත් අන්තිමට ගංජා පැකට එකක් මගේ සාක්කුවෙන් මතු උනා..එතකොට ඒලෙවල් ලියලා ගෙදර ඉන්න කාලේ.. උ මගේ සක්කුවටම ගංජා දාලා මාවම ඇල්ලුවා,අන්තිමට නොකරපු වරදකට මන් දවස 3ක් කුඩුවේ ලැගලා දඩත් ගෙවලා ගෙදර ආවේ..  එක කමක් නෑ,එත ඊට පස්සේ මිනිස්සු බැලුවේ මන් මහා අපරදාර කාරයෙක් වගේ... උන මාව කොන් කලා..අම්මයි තාතයි උනත් මහා පුදුම විදියට වෙනස් උනා.අවුරුදු 5ක් ලව් කරපු කෙල්ල යන්න ගියේ මට මිනිමරුවෙක්ට වගේ බැනලා..
මේ හැම දෙයින්ම පස්සේ මට තේරුම ගියා මම සමාජයෙන් කොන් වෙලා ඉවරයි කියලා,කොන් වෙලා නෙමේ මල්ලි උන් මාව කොන් කළා..පුරුදු යාලුවෝ මාව ආශ්‍රේ කරනවට උන්ගේ ගෙවල් වලින් කැමති උනේ නෑ.. අන්තිමට මටත් ටව්න් එකේ බැහැලා ඉන්න රස්තියාදු කාරයෙක් වෙන්න උනා.. ඔය අතරේ ගංජා කාරයා කියලා ලේබල් අලවලා හිටිය මම ඇත්තටම ගංජා වලට හුරු උනා..එත එක ඇබ්බහි විමක්නම් නෙමේ..
අන්තිමට මියුසිකල් එකක ගිය වලියකින් මට “චාමර” කියන බුවා සෙට් උනා,පොර කුඩු ගහපු එකෙක්.. අන්තිමට මාත්  මටත් නොදනිම එකට හුරු උනා,එකට කොච්චර හුරු උනාද කිවුවොත් එක දවසක් මට කුඩු නැතුව ඉන්න බැරි උනා.. ඒ අතරේ නිකන් ගහන්න දීපු කුඩු උන් මට සල්ලි වලට දෙන්න පටන් ගත්ත,මන් අහුවෙලා කියල තේරුනත් මට ගැලවෙන්න හිතුනෙම නෑ..එකයි මල්ලි කුඩුවල නරකෙ,අපිට තේරුනත් අපි විනාසවෙනවා කියලා නවත්තන්න හිතෙන්නේ නෑ.. අන්තිමට මන් මාල කඩලා මාට්ටුවෙලා හිරේ ගියා...
කවුරුත් ඇප දෙන්නවත් ආවේ නෑ.. එත් “සොයියා” කියන ඩයල් එක මට ඇප දුන්න,උ කුඩු බිස්නස් කරන එකෙක්.. අන්තිමට මට උගේ ජරාව ගෙනියන බුරුවෙක්‌ වෙන්න උනා..

ඒ අතරේ මට චාරුණි කියන ගර්ල් හම්බ වුනා.. චාරු මන් ගැන හැමදේම දැනගෙනත් හිටියා.. අන්තිමට මන් චාරු නිසා මනෝවයිද්ද්‍ය වරයෙක් ලගට ගියා.. තවත් එක එක ඩොක්ටර්ස්ලා ලගටත් ගියා.. කොහොමින් කොහොම හරි මන් කුඩු ගහන එක නැවැත්තුවා... එත “සොයියා” කියන්නේ කුඩු කාරයෙක්ම විතරක් නෙමේ,පාතාල කාරයෙක්.උ මට ගැලවෙන්න දුන්නෙම නෑ..මන් අයින් උනානම් උන් මාව මරනවා.. මට කරන්න දෙයක් තිබ්බේ නෑ,මන් සේරම විස්තර තාත්තාට කිවුවා,අන්තිමට තාත්තා මාව නුවර යවන්න තීරණේ කළා,ගෙයක් ගත්තා.. මන් චාරුව හොරෙන්ම නුවර එවුවා.. ඊට පස්සේ මම අරුන්ට හොරෙන් නුවර ආව,උන්ට දැනගන්න ඉඩ තිබ්බේ මම රට ගියා කියලා..

ඒ නිසා මගේ ජිවිතේ බේරුනා.දන මම ඉන්ෂුවරන්ස් කම්පැනි එකෙක වැඩ.කුඩු නවත්තුවාට මට ගංජා නවත්තන්න බැරි උනා..එත මන් සතුටු වෙනවා ජීවත්වෙලා ඉන්න එක ගැන..

මේ කතාව හැගෙන හිටිය මට හිතුනා එදා ඒ පොලිස් කාරයා මේ කොල්ලගේ සාකුවට ගංජා පැකට එකක් දැම්මේ නැත්නම් කියලා..

දැනං ජනිතයා වෙන්න තාත්තා කෙන්ක්ලු..
ඒ වගේම ගොඩක් “කුඩ්ඩො” බිහි උනේ උන්ගේ වැරදි වලින් විතරක්නම් නෙමේ,ඒවාට සමාජය සැහෙන දුරකට වගකියන්න ඕනේ..

4 comments:

  1. දැන් නියමායි මචෝ

    ReplyDelete
  2. ලස්සනයි හිපෝ දිගටම ලියපන් මගෙන් සුභ පැතුම්.......

    ReplyDelete
  3. ගොඩක් එවුන් ඔය වගේ චාටර් වෙන්නේ සමාජයේ මිනිස්සු කරන වැඩ නිසා තමයි බං

    ReplyDelete
  4. කසුන්23 April 2014 at 23:01

    එළ එළ...

    ReplyDelete