හුදකලාව කලාවක් වෙන තැන

හුදකලාව කලාවක් වෙන තැන

Monday 7 April 2014

හිතට තිත තියලා මලට අත වනපු ජීවිතය..


හිත කිරි ගැහෙන පාළුවක් එක්ක අරමුණක් නැති හුලග ඔහේ ගලාගෙන යනවා,කොහේදෝ ඉදලා එන සීතලක් හිත ගැබුරම හිරිවට්ටනකොට මන් ජිවිතේ අයෙමත් පියවරක් ආපස්සට තියලා බලන්න හදවතින් තේරුමක් නැති උත්සහයක් ගත්තා,මේ ඉපනැල්ල මට හුරුයි,මේ ඉපනල්ලත් එක්ක නොකියපු කතා අනන්තයි,එත් දෙනොදහාක් දන්නා මගෙ කතාව ඒ හැම කතාවකටම වඩා නපුරුයිද කියලා වෙලාවකට හිතෙනවා..

මන් ජිවිතකාලේ වැඩි කාලයක් බලන හිටියනම් ඒ අද දවස වෙනුවෙන්,එත් එක හිතුවෙවත් නැති විදියට වෙනස්වෙයි කියලා හිනේන් හරි මට හිතුනනම් මම මේ දවස එනකන් නොබලා අහක බලාගන්නවා.. එත් මගෙ කරුමෙට මන් මේ දවසත් ජීවත්වෙනවා.. අද මගෙ අහිංසක කෙල්ලගේ මංගල රැය..

ගමේ පුංචි පව්ලක හැදුනු මට මේ කුබුරුවල සුවද හොදටම හුරුයි,එත් ඒ සුවද ඒ හුලග නුහුරු චලනි මගෙ ලෝකෙට ආවේ මීට අවුරුදු ගානකට කලින්,දුප්පත් උනත් යන්න පුළුවන් උපරිම විදියට අකුරු කරපු මන්,සල්ලි විතරක් තිබ්බ චලනිගේ ආදරේට ගොදුරු උනේ අහම්බෙන්,කොහෙවත් නැති බලාපොරොත්තුවක් මට ගෙනාවෙත් එයයි,සරසවියේ අනන්තවත් ලස්සන කෙල්ලෝ හිටියට මන් ආදරේ කලේ චලනිට,එත් ඒ සල්ලි වලින් වැහිච්ච චලනිගේ අම්මටයි තාත්තටයි එක පෙනුනේ නෑ.උන් දැක්කේ මගෙ දුප්පත්කම විතරයි..

මන් තාමත් චලනි මානාලියක් වගේ අරන් ගියපු මෝටර් රතේ දිහා බලාගෙන හිටිය නුග ගහා පාමුලමයි,හිස වෙලා ගියපු බියර් බෝතල් ගාන මට මතක නැති උනත්, එදා ඉදලා දුකට සැපට හිටිය නුවන්යානම් නුග ගහා පාමුල බැංකුවේ  ඉන්න බව මතකයි,ජනේලෙන් මන් දි‍ා බ්ලන්ගියපු චලනිගේ කඳුළු පිරුණු ඇස් දෙකත් මතකයි,මන් මගෙ පන වගේ රැක්ක චලනි අද කොහේදෝ යන සල්ලිකාර අපතයෙක් අතින් දුෂනයවෙනවා කියලා මට හිතෙනකොට මහවැලියට වඩා ලොකු දුකක් හිතේ ගලාගෙන යනවා.. පුජියාමා වලට වඩා ලොකු ගින්දරක් හිතේ පත්තුවෙනවා..

චලනිට ඕනේ උනේ නෑ මාව දාලා යන්න,එත් මට ඕනේ උනේ නෑ මේ තත්වෙන් එයාව ගෙදරට ගෙනත් දෙන්නගෙම ජිවිත විනාශ කරගන්න,එක අතකින් මන් ආදරේ උගස්‌ කළා චලනිගේ සතුට වෙනුවෙන්,අනිත් අතින් මන් චලනිව උගස්‌ කළා මන් වෙනුවෙන්,ඇත්තටම දැන් මට හිතෙනවා මම මගෙ කෙල්ලව උගස්‌ කරපු කාලකන්නියෙක් නේද කියලා,මන් නිසයි අද එයා ඒ අපතයා අතින් දුෂණය වෙන්නේ.මමයි මගෙ කෙල්ලව දුෂණය කරන්න උට බාර කලේ..

මට යාන්තමට පේනවා,සිකුරු තරුව පායලා,මට ෂුවර්,සිකුරු මට හිනාවෙන්නේ නොන්ඩියට.. කැම්පස් එකේ ඉදලා එදා මන් චලනි එක්ක ෆෝන් ඒකෙන් මල් කඩද්දීත් ඔය සිකුරු මට හිනා උනා,එදා මන් හිතුවේ ඕකා මගෙ ෆිට් එකක් කියලා,එත් මු මට කෙලෙවුවා..

අය මොකටද මන් සිල් රකින්නේ,කා වෙනුවෙන්ද?තේරුමක් නෑ..

“කෝ අනිත් බියර් එක? මේ තියෙන්නේ.. ඒ නුවන් නැගිටපන්,ඔය මල ඔතලා මෙහාට ගනින්,අර සිකුරු හිනාවෙනවා,මටත් හිනාවෙන්න ඕනේ..”

4 comments:

  1. නියමයි බන්. දිගටම ගලපගෙන පලයන්...

    ReplyDelete
  2. ඉතුරු ටිකත් ඔනේ ඉක්මනට ...

    ReplyDelete
  3. supiri ban liyapan digatama

    ReplyDelete