හුදකලාව කලාවක් වෙන තැන

හුදකලාව කලාවක් වෙන තැන

Friday 25 April 2014

නුබත් අම්මෙක් දරුවන්ට කිරි දුන්...



එලියට යන බෑ තත්පරයක්, වැටෙන අව්ව හරියට අපිවම  පුච්චන්න ඉපදිලා වගේ,අහසට සආපකරලා වැඩක් නෑ,පොලව තෙමෙන්න වහිනකොට ඒ වැස්සට කුණුහරපෙන් බැන්නෙත් අපිමයි.සිකුරාදා ටෙක් එකේ වෙච්ච සිද්දියක් නිසා මගෙ හිත මේ අවුවට පිච්චෙන ගහකොලටත් වඩා පිච්චුනා.එකයි මේ හැගීමත් අකුරු කරන්නේ..

ටෙක් එකට ගියේ වෙනදා වගේම පුරුදු පාරෙමයි,පුරුදු විදියටම මම හෙවත් ‘රස්තියාදුකාරයා’ ටෙක් එකට යද්දී කට්ටිය ඇවිත්.. කොහොමින් කොහොම හරි අර හැමදාම වගේ දිග නොට් ටිකක් එක්ක වෝල්ට් 1200ක ත්‍රි පේස් ලයින් එකක් කවලම් වෙලා 10.30 ඉන්ටර්වල් එකත් ආවා,එකත මගුල් සම්මන්ත්‍රරනෙකට සෙට් උනා.. කොහොමින් කොහොම හරි ඔය මගුල ඉවරවෙලා එලියට අවා...
මන් දිවුවරනවා,මගෙ හිත කිරි ගැහිලා ගියා.. අවුරුදු 80කට විතර කිට්ටු ආච්ච් කෙනෙක් පොල් කොළවලින් වියපු වට්ටි ටිකක් තියාන ටෙක් එකේ මුල්ලකට වෙලා ලි පුටුවක ඉදන් ඉන්නවා,
දෙයියනේ ඒ මගෙ අත්තම්මගේ වයසේ කෙනෙක්.. මට මහා පුදුම වේදනාවක් දැනුනා,තරුණ අපිටත් මොන හෙවනකවත් ඉන්න අමාරු රස්නියක් එක්ක මේ ආච්චි කොහොම ඉන්නවා ඇත්ද?මේ වගේ කෙනෙක් මෙහෙම දුක විදිනකන් දැරුවෝ මොනවා කරනවා ඇත්ද? ලොවුතුරා බුදු රජාණන් වහන්සේ තුන් වතාවක් වැඩිය රට !

අයෙත්වෝල්ට් 1200ට තවත් පැයක් දන් දීලා 12ට එද්දී තාමත් ආච්චි ඉන්නවා..තාමත් අවුවත් තියෙනවා,රස්නියත් උපරිමයි, ටෙක් එකේ දහස ගණනින් කොල්ලෝ කෙල්ලොයි සිය ගණනින් ගුරුවරුත් තාමත් ඉන්නාව,ඒ වගේම අවාසනාවට ඒ අහිංසක ආච්චිගේ වට්ටි ටිකත් තාම තියෙනවා..

මුළු ටෙක් එකේම එපාම කරපු එවුන් කියල හංවඩු ගහපු අපේ සෙට් එක විතරයි ආච්චි එක්ක වචනයක් හිනාවෙලා කතාකලේ,සර් ලගේ ලොකු ලයින්වත් හරි සුන්දරයි කියලා හිතන ඉන්න මායම් 64 අම්මන්ඩිලාගේ සොබනෙවත් නෙමේ එතනට ඕනේ උනේ මනුස්සකම,හැමදාම දුප්පත් අපේ සෙට් එකට වට්ටි ගන්නම් සාලි නෑ තමා,එත් පුළුවන් පුළුවන් විදියට ආච්චිට මනුස්සකම දුන්න..අපිටවත් තේරුම්ගන්න බෑ බං 2000ක් විතර ඉන්න ටහනක එක මුල්ලක හුදකලා උනාම දැනෙන හැගීම..

අපි උදේ 8 ඉදලා 12 වෙද්දී 3 වතාවක් කාලා ඉවරයි,එත් නිකමට අහද්දී ආච්චි එක වතාවක්වත් කාලා නෑ..
හිතන්න දෙයක් තිබ්බේ නෑ,මට දැනුනේ කවුදෝ මගෙ පපුවට පිහියකින් අනිනවා වගේ,ඇස් වලට ආපු කඳුළු අනිත් එවුන් දැක්කොත්,එහෙම හිතලා මන් “සාලික”යා එක්ක ගියා කැන්ටින් එක පැත්තට..
යනගමන් සාක්කුව අතගාලා බලද්දී උදේ ඉතුරුකරගත්ත රුපියල් 50 තම අතට අහුඋනා, මට තවත් හිතන්න හිතක් තිබ්බේ නෑ,ඒක වේදනාවෙන් පිරිලා ඉවරයි,මගෙ පපුවට ටිකක් පහලින් පපුව පාමුලම පිච්චෙනවා වගේ දැනුනා.. ඊලග විනාඩියේදී මන් හිටියේ ඒ ආච්චි ඉස්සරහා,මගෙ අතේ පාර්සල් කරපු බත් එකක්, හිනාකටක් හිනාවෙලා බත් එක්ක ගත්ත ආච්චි කිවුව වචන ටිකක් මගෙ කන් දෙකේ තාම දෝංකාර දෙනවා..

“මන් කන බත් ඇටයක් ඇටයක් ගානේ පින් මයේ පුතේ”


මට තාම ඒ වචන ඇහෙනවා,මට තාම ඇස් දෙක තෙත්වෙනවා.. ටෙක් එකේ එපාම කරපු රස්තියාදු කාරයෝ වෙච්ච අපේ ස්ට් එකේ   රස්තියාදුකාර හිත් විතරයි මන්ස්සකම පෙන්නුවේ.. විනය හදන විනයබාරලවත් අද්ද්යක්ෂිකලවාත් නැත්නම් උරාගෙ මාළු උරාගෙ ඇගේම තියලා කපන්න දගලන සිකුරිටි මහත්වරුන්ටවත් උණුවෙන්න හිතකවත් හිතන්න ඔලුවක්වත් තිබ්බේ නෑ,එක තිබ්බේ ටෙක් එකේ එපාමකරපු එවුන් කිවුව අපිට විතරයි.

ගෙදර එන්න ලස්තිවෙද්දී මන් දැක්කා ආච්චි ඒ බත් එක පුංචි මල්ලකට දාගෙන ඔඩොක්කුවේම තියන ඉන්නවා,සමහර විට ආච්චිට බඩගින්නේ ඉන්න තවත් කෙනෙක් මතක්වෙන්න ඇති, ජිවිත කාලෙම දුක සැප එකටම බෙදාගමු කියලා පොරොන්දු වුනු කෙනෙක් !

මන් දන්නේ නෑ,මන් ඒ සතුට තාම විදිනවා,මන් දන්නවා මන් ජිවිත හුගක් පව කරපු එකෙක්,එත් මන් දැන් එකම එක පිනක් හරි අනිවාර්යෙන්ම කරලා තියෙනවා..  

1 comment:

  1. දිගටම ලියපන් සහෝ

    ReplyDelete