හුදකලාව කලාවක් වෙන තැන

හුදකලාව කලාවක් වෙන තැන

Monday 21 April 2014

හන්තාන පාමුල - ආදර නිකිණි



මම හන්තාන පාමුල ලියන්න හිතුවේ මේ කතාව නිසා...

මිට අවුරුදු කිහිපයකට කලින් මම නුවර ක්ලාස් යනවා.. අනිත් කොල්ලෝ වගේම දඩබ්බර චරිතයක් තමා මමත්.. ඉස්සෙලම ගිහින් ක්ලාස් එකේ අන්තිම පෝලිමට පොරකන එක අපේ මුල්යුගේ පුරුද්දක්.ටික කාලෙකින් ඕක වෙනස් වෙනවා.. ඊට පස්සේ අපි පොලින් වලට පොරකෑවේ නෑ.. මොකද අපි කියට ගියත් අපිට ඉඩ අල්ලා තිබ්බා.. සමහරවිට ඒ මන හිතපු පතපු දේවල් වලට වඩා කියපු කරපු දේවල් නිසා වෙන්න ඇති..


මගෙත් එක්කම මගේ පොලිමේම නිතරම හිටපු කෙනෙක් තමයි අසංක,අසංක දඩබ්බර උනත් නිහඩ චරිතයක්.. මේ නිහඩකම පිටිපස්සේ මොකක්දෝ කතාවක් තියෙනවා කියලා මට හිතුනත් ඒ මොකක්ද අහන්න මට හයියක් තිබ්බේ නෑ.. එත් අසංක දැක්කා, කවුරු හරි අවුකින් ඉද්දි එක මට කියන විදිය,මන උන්ගේ හිත හදපු විදිහ.. ඒ නිසාම වෙන්න ඇති අසංක දවසක් මට කතාකලා..ඒ අසන්කයා මට සීරියස් කතාකරපු පලවෙනි දවස..
“මචන් අරෝෂ්,උබ කොහෙද මචන්.. “

ඔය වචන වලින් පටන්ගත්ත යාළුකම සහෝදර කමක් වගේ මෝරලා වැඩුනා. එකෝමත් දවසක හන්තාන  පාමුලදී,එහෙමත් නැත්නම් බහිරවකන්ද පේනමානේ ඉදන් මට අසංක උගේ කතාව කියනවා.. මෙතන ඉදන් ඇස් දෙකෙන් කියවන්න,හදවතින් අහන ඉන්න..

අසංක මට වඩා අවුරදු 3ක් වැඩිමල්.. හිටියේ නුවරඑළියේ.. නුවර එළියේ කිවුවට හරියටම නුවරඑළියේ නෙමේ.. ලස්සන පුංචි ගමක.. අසංක ගියේ පුංචි ඉස්කෝලෙකට..අසංකගේ අම්ම ඒ ඉස්කෝලෙම ගුරුවරියක්.. කොහොමින් කොම හරි අසංක යන්තං 11 වසරේදී ආදරේ කරන්න පටන්ගන්නවා..ඒ ඒ ඉස්කෝලෙම තමන්ගේ අම්මා උගන්වපු පන්තියේම පුංචි කෙල්ලෙක්ට..

මේ කෙල්ලගේ නම අපි කියමු නිකිණි කියලා.. නිකිණි අසංක වගේම දක්ෂ කෙනෙක්.. පන්තියේ පළවෙනියා වගේම දක්ෂ ක්‍රීඩිකාවක්.. මේ දෙන්නම පන්ති යන්නේ නුවරඑළියේ.. ඔහොම පන්ති යන මේ දෙන්න යන්නේ එන්නේ එකට.. මේ සම්බන්දෙ ගෙදරට අහුවෙනකොට අසංකගේ අම්මා අසංකට බැන්නත් නිකිණිට වචනයක්වත් කියන්නේ නෑ..නමුත් අම්මලා මේ සම්බන්දෙ නවත්වන්න කියන්නෙත් නෑ..

එකමත් එක දවසක අස්න්කගේ ජීවිතේම වෙනස්වෙනවා.. හැමදාම පන්ති ඇරිලා අසන්කත් නිකිනිත් රේල් පිලි දිගේ පයින් එනවා.. මේ රේල් පිලි අතරේ මේ දෙන්නා අන්තවත් හීන මවන්න ඇති.. අසංකගේ අත අල්ලන් රේල් පිල්ලක් උඩ සමබරව යන එන එක නිකිණිට ජීවිතේම අසංකගේ අත අල්ලන් යනවා වගේ දැනෙන්න ඇති.. එත්..??

එක දවසක් මේ සේරම වෙනස් උනා.. මේ විදියටම අසනකේ අත අල්ලන් ආපු නිකිණි ඈතින් කෝචිචිය එන සද්දේ ඇහිලා පාරෙන් අයින් කරගන්න අසංක නිකිණි දිහා බලලා පාරෙන් අයින් වෙන්න හැදුවා.. එත් මොකක්දෝ අවාසනාවකට රේල් පිලි දෙකක් අතරේ තිබ්බ හිඩැසට නිකිනිගේ කකුලක් හිරවුනා.. නිකිණි කෑ ගහාලා ඇඩුවා.. අසංක නිකිනිගේ කකුල අයින් කරගන්න දගලන අතරේ නිකිණි ජිවිතේ බේරගන්න දගලනවා.. මේ හැමදේම අස්සේ  හැගීමක දැනීමක් නැති,ආදරයක් ජිවිතයක් අදුරන්නේ නැති මහා යකඩ ගොඩක් මේ අහිසක ජිවිත දෙක දිහාට දුවගෙන ආවා..

කෝච්චිය තමන්ට බේරෙන්න බැරි තරම් ලන්වුන බව අසංක දකිද්දී ආදරේ කරපු හිත එක්කම ජිවිතේ එකටම කෙළවර කරගන්නවා කියලා හිතපු අසංක ඇස් දෙක පියාගත්තා.. එත් නිකිණි??
ඇස් පියාගත්තු අසංකව කවුදෝ රේල් පාරෙන් එහාටම තල්ලු කරනවා අසංකට දැනුනා.. අසංක ඇස් අරිද්දි නිකිණි එතන හිටියේ නෑ..ඒ වෙනුවට බාගයක්ම රතුපාටින් නැවුණු යකඩ රෝද පේලියක් අසංකගේ ඇස් ඉස්සරහා කැරකෙමින් හිටියා.. නිකිනිගේ ලා නිල පාට බෑග් එක රේල් පිලි අස්සේ හිරවෙලා තියෙනවා අසංක යාන්තමට දැක්කා..

අසංක මේ සිද්දිය නිසා අවුරුද්දක් විතර මානසික වශයෙන් ප්‍රතිකාර ගත්තා.. ඒ නිසා ඔහුට විබාගය පවා මගහැරෙනවා.. එත් අද අසංක විශ්වවිද්ද්යාල සිසුවෙක්..  අසංකගේ පර්ස් එකේ තාමත් නිකිනිගේ ෆොටෝ එකක් තියෙනවා.. එක පිටිපස්සේ නිල් පාට කාබන් පෑනකින් මෙහෙම ලියලා තිබ්බා..

මට හුස්මගන්න දීලා..
ඔයා ඇස් පියාගත්තට..
ඔයා ගියේ  මගේ හුස්මත් අරගෙන..

එදා ඕක මට  කියලා අසංක යාන්තමට හිනාවෙන්න ට්‍රයි කළා.. එත් හොරෙන් වැටුණු කඳුළු බහිරවකන්දේ බුදුපිලිමේ ලගදි මමත් දැක්කා.. එදා මට හිතුනා කෙල්ලෝ දාලා ගියාම පොලවේ පස කන්න හදන කොල්ලෝ තලේ ඇස් ඉස්සරහා තමන්ගේ කෙල්ලගේ කෑලි වලට කැඩිච්ච මළමිනිය දකින කොල්ලෙක්ගේ මානසිකත්වය කොහොමද කියලා එක වින්ද එකෙක්ට මිසක් අපි වගේ නිකම්ම නිකන් මිනිස්සුන්ට කවමදාවත් බෑ කියලා.. ඒ වගේම උන්ගේ හිත් හදන්නත් බෑ.. මොකද හදන්න බැරි විදියට ඒ හිත බිදිලා ඉවරයි..

හන්තාන පාමුලදී මන අහපු දුකම හිතෙන එක කතාවක් මිසක් එකම කතාව නෙමේ..

පුලුවන්නම් මට මේක ලියන්න හරි වැරදි කියලා දෙන්න.. මන අංගසම්පුර්ණ ලේකකයෙක්වත් වුර්තිය පත්තරකාරයෙක්වත් නවකතාකාරයෙක්වත් නෙමේ.. මගේ අතින් අනතවත් වැරදි වෙයි ලියද්දි.. එක බලලා නොකියා ඉන්න එපා.. නොකියා ඉන්න දාහාක් වැරදි වලට වඩා දෙන එකම එක උපදෙස මට වටිනවා..

#හිපොප්


1 comment:

  1. Thawa liyahan kollo. Ubata jaya. Uba lassanata liyanawa. Eka hemotama pihitana deyak neme (:

    ReplyDelete